AAT සාමාජිකයින්ගේ සහභාගීත්වය

AAT ශ්‍රී ලංකා විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ පරීක්ෂක තනතුර සඳහා

2020 සිට ක්‍රියාත්මක වේ (ජූලි විභාගය)

  සාමාන්‍ය තොරතුරු
1 ඉල්ලුම් කළ හැක්කේ කාටද? AAT සාමාජිකයින්ට පමණි
උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීමේ පළපුරුද්ද ඇති අදාළ උපාධි සහිත ගුරුවරුන්
වරලත් ගණකාධිකාරී ආයතනයේ පිළිතුරු පත් ඇගයීමේ පරීක්ෂකවරු
CA Sri Lanka සහ CIMA අවසන් අධියර සමත් වුවෙක් (Passed Finalists)
AAT සාමාජිකයින් සඳහා ප්‍රමුඛතාවය දෙනු ලැබේ. සෑම විෂයයක් සඳහාම අවශ්‍ය තරම් සාමාජිකයන් ඉල්ලුම් කර නොමැති නම්, සාමාජිකයන් නොවන අය සඳහා අවස්ථාව ලබා දෙනු ඇත.
2 පූර්ව අවශ්‍යතාවය සාමාජිකත්වය අලුත් කිරීම අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය වන විට යාවත්කාලීන විය යුතුය..
AAT ශ්‍රී ලංකා සාමාජිකත්වය, පිළිතුරු පත් ඇගයීමේ පරීක්ෂක තනතුර සඳහා අයදුම් කිරීමට අවම වශයෙන් අවුරුදු 2 කට පෙර විය යුතුය.
AAT ශ්‍රී ලංකා සාමාජිකත්වය පිළිතුරු පත් පරීක්ෂක තනතුර සඳහා අයදුම් කිරීමට අවම වශයෙන් අවුරුදු 2 කට පෙර විය යුතුය.
3 වැදගත් අතිරේක අදාළ පාඨමාලා, පළපුරුද්ද වැනි යාවත්කාලීන දැනුම සඳහා අතිරේක ලකුණු ලබා දෙනු ලැබේ.
තෝරා ගැනීම සම්මුඛ පරීක්ෂණයක් මගින් සිදු කෙරේ.
AATSL සාමාජිකයින්ට වැඩි අවස්ථාවන් ලබා දීමේ අරමුණින් සාමාජික අධීක්ෂණය සඳහා හෝ පිළිතුරු පත් ඇගයීම් සඳහා අයදුම් කිරීමට සාමාජිකයින්ට ඉඩ දීමට තීරණය කර ඇත
4 විශ්‍රාම ගැනීම වයස අවුරුදු 70 ඉක්මවීමෙන් හෝ අඛණ්ඩව විභාග 10 ක් සඳහා AAT පිළිතුරු පත් ඇගයීම සම්පූර්ණ කිරීමෙන්  (මෙමගින් පළමුවරට සිදුවීමෙන්).
5 අයදුම්පත යවන්නේ කෙසේද? නිසි පරිදි පුරවන ලද අයදුම්පත සහ සහතිකවල පිටපත් විභාග අංශයට පුද්ගලිකව හෝ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ “පිළිතුරු පත් ලකුණු කිරීමේ පරීක්ෂක ලෙස බඳවා ගැනීම්” යන මාතෘකාව ලිවිය යුතුය.(අයදුම්පත බාගත කිරීම සඳහා මෙහි ක්ලික් කරන්න.)
6 විෂය නිර්ණායක විෂය නිර්ණායක බාගත කිරීම සඳහා මෙහි ක්ලික් කරන්න

සටහන: පැරණි විෂය මාලාව යටතේ  ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතුවල නිරතව සිටි සාමාජිකයන් නැවත ඉල්ලුම් කිරීම අවශ්‍ය වේ.

පිළිතුරු පත් ඇගයීම් පරීක්ෂක සඳහා අයදුම්පත

 

AAT ශ්‍රී ලංකා විභාගවල සාමාජික අධීක්ෂක තනතුර

2020 සිට ක්‍රියාත්මක වේ (ජූලි විභාගය)

 1  ඉල්ලුම් කළ හැක්කේ කාටද  AAT සාමාජිකයින්ට පමණි
 2      පූර්ව අවශ්‍යතාවය      සාමාජිකත්වය අලුත් කිරීම අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය වන විට යාවත්කාලීන විය යුතුය.
 සාමාජිකත්වයට ඇතුළත් වීම අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය වන විට අවම වශයෙන් අවුරුදු 2 ක් ඉක්මවිය යුතුය.
 පසුගිය වසර 2 සඳහා වාර්ෂිකව උපයන CPD අවම වශයෙන් 10 ක් විය යුතුය
  වර්තමාන රැකියාවෙහි තනතුර විධායක හෝ ඊට සමාන විය යුතුය.
 සිංහල හා ඉංග්‍රීසි භාෂා කථා කිරීම, ලිවීම සහ කියවීම අනිවාර්ය විය යුතු අතර දෙමළ භාෂාව චතුර ලෙස දැනීම අමතර සුදුසුකමක් වනු ඇත.
 3  වැදගත්  AATSL සාමාජිකයින්ට වැඩි අවස්ථාවන් ලබා දීමේ අරමුණින් සාමාජික අධීක්ෂණය සඳහා හෝ පිළිතුරු පත් ඇගයීම් සඳහා අයදුම් කිරීමට සාමාජිකයින්ට ඉඩ දීමට තීරණය කර ඇත.
 4  විශ්‍රාම ගැන්වීම  වයස අවුරුදු 65 ඉක්මවීමෙන් හෝ අඛණ්ඩව විභාග 10 ක් සඳහා AAT පිළිතුරු පත් ඇගයීම සම්පූර්ණ කිරීමෙන් (මෙමගින් පළමුවරට වන සිදුවීමෙන්).
 5  අයදුම්පත යවන ආකාරය  නිසි පරිදි පුරවා ඇති අයදුම්පත්‍රය පෞද්ගලිකව විභාග අංශයට භාර දිය යුතුය. නැතහොත් ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ “සාමාජික අධීක්ෂක ලෙස බඳවා ගැනීම්” යන මාතෘකාව ලියා ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. (අයදුම්පත බාගත කිරීම සඳහා මෙහි ක්ලික් කරන්න)

සටහන: පෙර විභාගවල විභාග අධීක්ෂණ කටයුතුවල නිරතව සිටි සාමාජිකයන් ද නැවත ඉල්ලුම් කිරීම අවශ්‍ය වේ..

සාමාජික අධීක්ෂණය සඳහා අයදුම්පත