මාර්ගගත ලියාපදිංචිය අලුත් කිරීම

2024 ශිෂ්‍ය ලියාපදිංචිය අලූත් කිරීම සඳහා මාර්ගගත (Online) ගෙවීම් පහසුකම

ක්‍රෙඩිට් කාඩ් පතක් (මාස්ටර් හෝ වීසා කාඩ්) භාවිතා කරමින්  www.aatsl.lk වෙබ් අඩවිය හරහා ශිෂ්‍යයින් හට ලියාපදිංචිය අලූත් කිරීමේ ගෙවීම් කළ හැකිය. ලියාපදිංචිය අලූත් කරගනිමින් ඔබේ ශිෂ්‍යභාවය සකි‍්‍රය තත්ත්වයෙන් පවත්වා ගෙන AAT සුදුසුකම සම්පූර්ණ කිරීමට අවතීර්ණ වන්න!

මාර්ගගත ගෙවීම් කිරීමේ පියවර

පියවර 1

  • මාර්ගගත ගෙවීම් සඳහා පහත සබැඳිය අනුගමනය කරන්න.

https://aatsl.lk/index.php/en/online-payment

පියවර 2

  •  "Account Type" නමැති මෙනුවෙන් “Student Registration” තෝරන්න.

පියවර 3

  • 44 වන කේතය සහ ඔබේ අංක 7 කින් යුත් ශිෂ්‍ය ලියාපදිංචි අංකය නිවැරදිව සදහන් කරන්න. මෙය වඩාත්ම වැදගත් පියවර වන බැවින් කරුණාකර මෙය නිවැරදිව සඳහන් කිරීමට වග බලා ගන්න. ඔබ මෙය නිවැරදිව සඳහන් නොකළේ නම්, ඔබේ ගෙවීම් වෙනත් කෙනෙකුගේ ගිණුමට බැර වනු ඇති අතර එය පසුව නිවැරදි කළ නොහැක. ඔබ අංක 7 කින් යුත් ශිෂ්‍ය ලියාපදිංචි අංකය නොදන්නේ නම්, කරුණාකර 0112 559 669 අංකයෙන් AAT ආයතනය අමතන්න. එසේ නොමැති නම් registration@aatsl.lk වෙත විද්‍යුත් තැපෑල හරහා දැනුවත් කරන්න. 

පියවර 4

  • අලූත් කිරීමට අදාළ ගෙවීම් අතුරුමුහුණතේ අවශ්‍ය අනෙකුත් සියලූම ක්ෂේත‍්‍ර නොවරදවා පුරවන්න.
    • "Pay for" යන ක්ෂේත‍්‍රය යටතේ "ශිෂ්‍ය ලියාපංචිය අලූත් කිරීමේ ගාස්තු-2024" ලෙස සදහන් කරන්න.
    • ඔබට සඳහන් කිරීමට අවශ්‍ය වෙනත් තොරතුරු ඇත්නම් "Message" යන ක්ෂේත‍්‍රය යටතේ සඳහන් කළ හැකිය.
    • " I'm not a robot" යන කොටුව සලකුණු කිරීමෙන් එබ රොබෝවෙකු නොවන බව තහවුරු කරන්න.

පියවර 5

  • අවශ්‍ය සියලූ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසුව, "Send" මත ක්ලික් කරන්න. එවිට ඔබව ගෙවීම් අතුරු මුහුණත වෙත යොමු කරනු ඇත. දැන් ඔබට ඔබේ ක්‍රෙඩිට් කාඩ් විස්තර ඇතුළත් කර ඔබගේ මාර්ගගත ගෙවීම් සම්පූර්ණ කළ හැකිය.
  • 2024 දෙසැම්බර් 30 ට පෙර ගෙවන්නේ නම් 2023 සඳහා අලූත් කිරීමේ ගාස්තුව (අවසන් වරට 2023 වන වසර සඳහා කි‍්‍රයාකාරී ශිෂ්‍යභාවයක් ඇති සිසුන්) රු. 2,250/- කි. 2023.12.29 දින සිට ගෙවනු ලැබුවහොත් රු. 500/- ක ප‍්‍රමාද ගාස්තුවක් ද මෙයට එකතු කළ යුතුය.
  • ඔබ අවසන් වරට ශිෂ්‍ය ලියාපදිංචිය අලූත් කරන ලද වර්ෂය ගැන නොදන්නේ නම්, කරුණාකර 0112 559 669 ඔස්සේ AAT ආයතනය අමතන්න. එසේ නොමැතිනම්, registration@aatsl.lk වෙත ඊ-මේල් මගින් විමසීම් කර ගෙවිය යුතු මුදල පිළිබඳව දැනුවත් වන්න.

පියවර 6

  • ඔබේ ගණුදෙනුව අවසන් වූ පසු ඔබට මාර්ගගත ගෙවීම් ලදුපතක් ලැබෙනු ඇත. කරුණාකර මෙම ලදුපතෙහි තිර රුවක් (........) තබා ගන්න. ගෙවීම් කර සතියක් ඇතුළත ඔබගේ අලූත් කිරීම පිළිබදව තහවුරු කිරීමේ පණිවිඩයක් ඔබට නොලැබුණේ නම්, කරුණාකර අප අමතන්න හෝ ඊ-මේල් මගින් සම්බන්ධ වි තහවුරු කරගන්න. ඔබ නිවැරදි ශිෂ්‍ය ලියාපදිංචි අංකය භාවිතා කර මුදල් ගෙවූයේ නම් අපගේ තොරතුරු පද්ධතිය තුළ දින 3 ක් ඇතුළත ඔබගේ අලූත් කිරීම යාවත්කාලීන වේ.