නිරන්තර විමසීම් (FAQ)

(AAT විභාග පිලිබඳ ඔබට පැන නැගිය හැකි ගැටලු පහත සදහන් ප්‍රශ්නාවලිය තුලින් අවබෝධ කර ගන්න.)

කුසලතා ආධාරක විෂය ද ඇතුළත්ව අදියර තුනකින් සමන්විත වේ

  • I අදියර (Level I)
  • II අදියර (Level II) - සහ කුසලතා ආධාරක විෂය (Business Communication (English))
  • III අදියර ( Level III) - සහ කුසලතා ආධාරක විෂය (Business Communication (English))

විෂය නිර්දේශය බලා ගැනීම සඳහා පහත ලින්කුව ක්ලික් කරන්න

https://aatsl.lk/index.php/si/examination/syllabus.

සෑම අදියරකම තාක්ෂණික විෂයයන් 4 බැගින් විෂයයන් 12 ක් තියෙනවා. ඊට අමතරව, BC (Talent Subject) යනුවෙන් විකල්ප විෂයක් ද තියෙනවා. (Passed FInalist කෙනෙක් වශයෙන් ඔබව පිළිගැනීමට නම් ප්‍රධාන විෂයයන් 12 ත් සමග BC විෂයද සම්පූර්ණ කර තිබිය යුතුය

  • I අදියර > විෂයයන් 04 - පැය 3 ප්‍රශ්න පත්‍ර
  • II අදියර > විෂයයන් 04 - පැය 3 ප්‍රශ්න පත්‍ර
  • III අදියර > විෂයයන් 04 - පැය 3 ප්‍රශ්න පත්‍ර
  • කුසලතා ආධාරක විෂය (BC) - පැය 3 ප්‍රශ්න පත්‍ර

සටහන: I වන අදියරේ ප්‍රශ්න පත්‍රවලට සහ Business Communication විෂය හැර දෙවන හා තුන්වන අදියරේ සෑම ප්‍රශ්න පත්‍රයකටම නියමිත පැය 3ට අමතරව විනාඩි 15 ක අමතර කියවීමේ කාලයක් ලබා දේ.

  • එක් අදියරක් සමත් වීමට නම් අපේක්ෂකයෙකු එක් එක් විෂය සඳහා අවම වශයෙන් ලකුණු 50 ක් ලබා ගත යුතුය.
  • සිසුන් කිසියම් අදියරක විෂයයක් හෝ විෂයයන් කිහිපයක් සඳහා නොපැමිණිය ද /අසමත් වුවද, “C” ශ්‍රේණිය ගත් විෂයක් තිබුනොත් එය සමත් විෂයයක් ලෙස සලකනු ලැබේ (ලකුණු 50 - 59 සඳහා “C” ශ්‍රේණිය ලබා දෙනු ලැබේ). “C”, ”B”, ”A” ශ්‍රේණි ගත් විෂයයන් සමත් විෂයන් බැවින් ඒ සඳහා නැවත අයදුම් කළ නොහැක
  • අවසාන ප්‍රතිඵල,  “සමත්” හෝ “අසමත්” ලෙස නිකුත් කෙරේ.

ඔව්, ඔබට ඕනෑම මාධ්‍යයකින් විභාග සඳහා ඉල්ලුම් කළ හැකිය. කෙසේවෙතත්, එක් අදියරක විෂයන් සියල්ලම එක් මාධ්‍යයකින් සම්පූර්ණ කිරීමට වග බලා ගත යුතුය.

නමුත් සිසුන් යම්කිසි අදියරක් තමන් කැමති එක් මාධ්යයකින් ඉල්ලුම් කරල අසමත් වුවහොත් ඊළඟ විභාගයේ දී එම අදියර ම වෙනත් මාධ්යකින් ඉල්ලුම් කිරීමේ හැකියාව ඇත

වසරකට දෙවරක් විභාග පැවැත්වේ. ජනවාරි සහ ජූලි (3 වන සහ 4 වන සති අන්ත).

(සැළකිය යුතුයි: 2023 ජනවාරි විභාගය පෙබරවාරි මස අග සති අන්තයෙහි දී සහා මාර්තු මස මුල් සති අන්තයෙහි දී පැවැත්වේ)

ජූලි විභාගය සදහා විභාග ඉල්ලුම්පත් - අප්‍රේල් 02 සිට අප්‍රේල් 30 දක්වා.

ජනවාරි විභාගය සඳහා - ඔක්තෝබර් 02 සිට ඔක්තෝබර් 31 දක්වා (පෙර වර්ෂයන්හි).

(ඇති වන යම් යම් තත්වයන් මත මෙම දිනයන් වෙනස් විය හැක)

2023 ජනවාරි විභාගය සදහා - 2022 ඔක්තෝම්බර් 24 සිට 2022 දෙසැම්බර් 14 දක්වා

(2023 ජනවාරි විභාගය පෙබරවාරි මස අග සති අන්තයෙහි දී සහා මාර්තු මස මුල් සති අන්තයෙහි දී පැවැත්වේ)

  • ජූලි විභාගය - අප්‍රේල් 30
  • ජනවාරි විභාගය - ඔක්තෝම්බර් 31

2023 ජනවාරි විභාගය සදහා - 2022 දෙසැම්බර් 14

(2023 ජනවාරි විභාගය පෙබරවාරි මස අග සති අන්තයෙහි දී සහා මාර්තු මස මුල් සති අන්තයෙහි දී පැවැත්වේ)

ඔව්. සාමාන්‍ය ගාස්තුවෙන් 50% ක ප්‍රමාද විභාග ගාස්තුවක් ද සමග විභාග ගාස්තුව ගෙවිය යුතුය. විභාග අයදුම්පත් භාරගැනීමේ අවසාන දින සිට දින 7 ක් දක්වා මෙම ප්‍රමාද විභාග ඉල්ලුම්පත් භාරගනු ලැබේ.
2023 ජනවාරි විභාගය සදහා - මෙය පවතින වාතාවරණය මත වෙනස් විය හැකිය
(2023 ජනවාරි විභාගය පෙබරවාරි මස අග සති අන්තයෙහි දී සහා මාර්තු මස මුල් සති අන්තයෙහි දී පැවැත්වේ)

විභාගය සඳහා ඉල්ලුම් කිරීමට කොළ පැහැති (green color) අයදුම් පත්‍රයක් ඇත. ඔබ විභාගයට අයදුම් කරන වර්ෂය සඳහා ක්‍රියාකාරී (Active) ශිෂ්‍යයෙක් නම් ඔබට තැපැල් මගින් විභාග අයදුම්පතක් නිවසට ලැබෙනු ඇත.

ක්‍රියාකාරී (Active) ශිෂ්‍යයින් = අදාල වර්ෂයට අලුතින් ලියාපදිංචි වූ සිසුන් + අදාල වර්ෂයට ලියාපදිංචිය අලුත් කළ සිසුන්

ඔබ හට ඉහත සදහන් අයදුම් පත ලැබී නොමැති නම් හෝ එය භාවිතා කොට තවමත් විභාගයට අයදුම් කොට නොමැති නම් , On line හරහාද විභාගයට අයදුම් කිරීමේ හැකියාව ඇත.

සැළකිය යුතුයි :

  • මෙය වලංගු වන්නේ අයදුම් පත් භාරගන්නා කාල සීමාව තුල පමණි.
  • එමෙන්ම ඔබ විසින් අයදුම් කිරීමේදී මෙම අකාර දෙකෙන් එක් ආකාරයක් පමණක් භාවිතා කිරීමට වග බලා ගත යුතුය.
  • පුවත්පත් දැන්වීම් මගින්
  • සෑම ක්‍රියාකාරී සිසුවෙකුටම කෙටි පණිවිඩයක් (SMS) යවනු ලැබේ.
  • පිළිගත් අධ්‍යාපන මධ්‍යස්ථාන හරහා (AECs)
  • AAT ශාඛා ජාලය මගින්
  • AAT වෙබ් අඩවිය මගින් (www.aatsl.lk

 ((සෑම විටම ඔබගේ නිවරදි ජංගම දුරකථන අංකය සහ email address AAT ශිෂ්යය ලියාපදිංචි අංශයට භාර දී Update කරගන්න.))

 
අදියර එක් විෂයයක් (රු.) විෂයයන් දෙකක් (රු.) විෂයයන් තුනක් (රු.) විෂයයන් හතරක් (රු.)
I අදියර 1,700/- 3,400/- 5,100/- 6,800/-
II අදියර 2,200/- 4,400/- 6,600/- 8,800/-
III අදියර 2,400/- 4,800/- 7,200/- 9,600/-
කුසලතා ආධාරක විෂය (BC) 2,200/- - - -
 

(ඔබ අයදුම් කරන විෂයන් ගනන අනුව ගෙවිය යුතු විභාග ගාස්තුව ගණනය කර ගන්න.

විභාග ගාස්තු BOC බැංකු ශාඛා වලට පමණක් ගෙවිය යුතුය) විභාග ගාස්තු BOC බැංකු ශාඛා වලට පමණක් ගෙවිය යුතුය. CDM යන්ත්‍ර හරහා විභාග ගාස්තු ගෙවිය නොහැක)

  • විභාග අයදුම්පත සමඟ නිශ්චිත ගෙවීම් වවුචරයක් ද ඔබ වෙත ලැබෙනු ඇත. විභාග ගෙවීම් කළ යුත්තේ එම ගෙවීම් වවුචරය භාවිතා කර ලංකා බැංකු ශාඛාවලට පමණි. (Bank of Ceylon)
  • CDM යන්ත්‍ර භාවිතා කොට විභාග ගාස්තු ගෙවිය නොහැක.
  • Online ක්‍රමයටද විභාග ගාස්තු ගෙවිය නොහැක.
  • ලංකා බැංකුව (BOC) හැර වෙනත් බැංකු වලට ද විභාග ගාස්තු ගෙවිය නොහැක.

I අදියර සහ II අදියරේ විෂයක් හෝ විෂයන් කිහිපයක් තමන් කැමති ආකාරයකට තෝරාගෙන අයදුම් කළ හැකිය. ඒ අනුව, අදියර I / II හි අයදුම් කරන විෂය / විෂයයන් ඔබට තීරණය කළ හැකිය. නමුත් III අදියරේ දී පමණක් ඔබ කැමති ආකාරයට විෂයන් තෝරාගෙන අයදුම් කිරීමට අවසර දෙනු නොලැබේ. III අදියරේ දී අසමත් / නොපැමිණි විෂයයන් සියල්ලම එකවර අයදුම් කළ යුතුය.

ඔව්. විෂයන් 08 ටම එකවර ඉල්ලුම් කළ හැක. නැත්නම් ඔබ මෙම මට්ටම් දෙකෙ දී පමනක් ඕනෑම විෂයන් කිහිපයක් තෝරාගෙන ඉල්ලුම් කළ හැක.

අදියර I  ඊලග විභාගයකදි කිරීමේ අරමුනින් අදියර II ට පමනක් ද අයදුම් කල හැක.

A/L ප්‍රතිපල මත හෝ වෙනත් විභාග වල ප්‍රතිපල මත විෂයන්ගෙන් නිදහස් වීම් ලබා ගත හැකි නම් AAT විභාගය ට අයදුම් කිරීමට පෙර මුදල් ගෙවා එම නිදහස් වීම් ලබා ගත යුතුය

එය ඔබම තීරණය කළ යුතුය. AAT විභාග මධ්‍යස්ථාන දිවයින පුරා ප්‍රධාන නගර 14ක පිහිටා ඇත. විභාග මධ්‍යස්ථාන සහිත ප්‍රධාන නගර 14 ක් ඇත. (කොළඹ, නුවර, අම්පාර, යාපනය, මඩකලපුව, බදුල්ල, මාතර, ගාල්ල, කලුතර, රත්නපුර, කුරුණෑගල අනුරාධපුරය, පොලොන්නරුව සහ ගම්පහ) ඔබගේ පදිංචියට ආසන්නතම නගරය තෝරාගත හැකිය.

(ඉහත සදහන් නගර වල ඇති ප්‍රධාන පාසැල් වල විභාග මධ්‍යස්‌ථාන පිහිටුවනු ලැබේ.)

නොහැක. III අදියරට අයදුම් කිරීමට සුදුසුකම් ලැබීම සඳහා ඔබ I අදියර සහ II අදියර දෙකම සම්පූර්ණ කළ යුතුය.

වෙනත් විභාග මත යම් කිසි අදියරකින් හෝ විෂයන්ගෙන් නිදහස් වීම් ලබාගත හැකි නම් විභාගයට ඉල්ලුම් කිරීමට පෙර මුදල් ගෙවා නිදහස් වීමේ ඉල්ලුම් පතක් පුරවා එම නිදහස්වීම් ලබා ගත යුතය

විභාගය තක්සේරු වර්ෂය
ජූලි 2022 2021/2022
ජනවාරි 2023  2021/2022

ඔව්, ඔබ විසින් III අදියරේ සියලුම විෂයයන් සඳහා එකවර අයදුම් කළ යුතුය. අසමත් හෝ නොපැමිණි විෂයයන් සඳහා ද එකවර අයදුම් කළ යුතුය. තවමත් සමත් වී නැති විෂයන්ගෙන් තෝරාගත් විෂයයන් සඳහා පමණක් අයදුම් කිරීමට අවසර දෙනු නොලැබේ.

මේ අනුව අදියර III ට අයදුම් කිරීමේදි තමන් කැමති ආකාරයට කල යුතු යම් යම් විෂයන් අතහැර තෝරාගත් විෂයන්ට පමනක් අයදුම් කල නොහැක.

ඔව්. ඔබට හැකිය. මෙහිදී අවම වශයෙන් "C" සාමාර්ථ හෝ “A”, “B” සාමාර්ථ ගත් විෂයන් සමත් විෂයක් සේ සළකනු ලැබේ. මීළඟ උත්සාහයේදී ඔබ විසින් නොපැමිණි හෝ අසමත් විෂයයන් සඳහා පමනක් එකවර ඉල්ලුම් කර III අදියර සම්පූර්ණ කළ හැකිය.

"C" සාමාර්ථයක් ලබා ගැනීමට ලකුනු 50-59 අතර ප්‍රමාණයක් ලබාගත යුතුය.

ඔව්. ඔබට හැකිය. එසේ සමත් වීමට නම් "C" හෝ “A”, “B” සාමාර්ථයක් ලබා ගත යුතුය. ඔබේ ප්‍රතිපල විෂයය අනුව ඔබට ලැබෙනු ඇත. ඊළඟ උත්සාහයේදී ඔබ විසින් අවසන් වරට නොපැමිණි / අසමත් විෂයයන් සමත් වී II අදියර සම්පූර්ණ කළ හැකිය. කෙසේ වෙතත්, ඊලග උත්සාහයකදී නොපැමිණි / අසමත් වූ සියලුම විෂයයන් සඳහා එකවර අයදුම් කිරීමට හො විෂයන් තෝරාගෙන අයදුම් කිරීමට ඔබට අවසර ඇත. අදියර III පමනක් ට මෙම අවසරය නැත

ඔව්. ඔබට හැකිය. එසේ සමත් වීමට නම් "C" හෝ “A”, “B” සාමාර්ථයක් ලබා ගත යුතුය. ඔබේ ප්‍රතිඵල අදාළ විෂයය අනුව ඔබට ලැබෙනු ඇත. මීළඟ උත්සාහයේදී ඔබ විසින් නොපැමිණි හෝ අසමත් වූ විෂයයන් සමත් වී I හෝ II අදියරයන් සම්පූර්ණ කළ හැකිය. මේ අනුව, නොපැමිණි / අසමත් වූ සියලුම විෂයයන් සඳහා එකවර අයදුම් කිරීමට හො විෂයන් තෝරාගෙන අයදුම් කිරීමට ඔබට අවසර ඇත. අදියර III ට පමනක් මෙම අවසරය නැත

ඔබ විසින් ලියාපදිංචි අංශයට ලබා දී ඇති ලිපිනයට තැපැල් මගින් ප්‍රවේශ පත්‍රය ලැබෙනු ඇත. එසේ නොලැබුණහොත් ඔබ හට

  • ඒ ඒ ටී ප්‍රධාන ආයතනයෙන් හෝ ඒ ඒ ටී අනු ශාඛාවලින් හෝ
  • වෙබ් අඩවිය හරහා ද බා ගත (download) කර ගත හැකිය. ඒ ලෙස බා ගත කරගන්නා ලද ප්‍රවේශ පත්‍රයෙහි පිටපතක් විභාගයට පැමිණීමේදී සහතික කරගෙන පැමිණිය යුතුය.

ඔව්. සාමන්‍යය විභාග ගාස්තුවෙන් 50% ක් ඊළගආසන්නතම විභාගයට පමණක් මාරු කළ හැකිය. කෙසේ වෙතත්, 50% ක මෙම "බැරපත " ලබා ගැනීම සදහා පහත සදහන් ලියකියවිලි විභාගය අවසන් වූ දින සිට සති දෙකක් ( දින 14) ඇතුළත AAT ආයතනයේ විභාග අංශයට හෝ AATශාඛා වලට ඉදිරිපත් කළ යුතුය.

  • AAT මුල් විභාග ප්‍රවේශපත්‍රය ( Original Admission Form)
  • ලිඛිත ඉල්ලීම
  • වෛද්‍ය සහතිකය (Government or Private)

සැ.යූ :

  • යම් කිසි අදියරක අයදුම් කල සියලුම විෂයන් අසනීප තත්වයක් මත Absent වුවහොත් පමණක් බැරපතක් (Credit Note) සදහා ඉල්ලුම් කල හැක.
  • Business Communication (BC) විෂය අසනීප තත්වයක් මත Absent වුවහොත් ඒ සදහා බැරපතක් ඉල්ලුම් කල හැක.

ඔව්. විභාගයේ අවසාන දිනයේ සිට සති 2 ක් (දින 14 ක්) ඇතුළත.

(Q23 බලන්න)

බැර පත් නිකුත් කරනු ලබන්නේ අසනීප වීම හේතුවෙන් අයදුම් කළ සියලුම විෂයයන් සඳහා පෙනී සිටීමට අපොහොසත් වූ සිසුන් විසින් නියමිත දිනට පෙර ඉදිරිපත් කරන ලද වෛද්‍ය සහතික මත පදනම්ව පමණි.

අදියර 1 විභාගය සම්පූර්ණ කිරීමෙන් පසු ඔබට BC විෂයය සඳහා අයදුම් කිරීමට අවසර දෙනු ලැබේ.

ඔව්. අයදුම් කළ හැක. වෙනත් උත්සාහයකදී BC විෂය සඳහා ඉල්ලුම් කළ හැක. ඔබට අවශ්‍ය නම්, III අදියර සම්පූර්ණ කිරීමෙන් පසුව BC සඳහා ඉල්ලුම් කළ හැකිය.

Passed finalist කෙනෙකු වීමට නම් BC විෂය ද සම්පූර්ණ කර තිබිය යුතුය වෙනත් වෘත්තීමය විභාග වලින් නිදහස් වීම් ලබා ගත හැක්කේ Passed Finalist වුවහොත් පමණි

ලකුණු 50 ක් ලබා ගත යුතුය. (ලකුණු 50-59) එනම් “C” සාමාර්ථයක්

එය පැය 3 ක ලිඛිත ප්‍රශ්න පත්‍රයක් මගින් පරීක්ෂා කරනු ලැබේ. ලකුණු 50ක් ලබා ගත යුතුය.(විනාඩි 15ක අමතර කියවිමේ කාලයක් මෙම ප්‍රශ්ණ පත්‍රය සදහා නොලැබේ)

AAT අවසන් අදියර සමත් වුවද (PF) වීමට නම්, අදියරයන් 3 ම සම්පූර්ණ කළ යුතු අතර BC විෂයය ද සම්පූර්ණ කළ යුතුය.
AAT නව විෂය නිර්දේශ යටතේ CA Sri Lanka, CIMA, CMA, ACCA සහ වෙනත් වෘත්තීය අධ්යාපනික ආයතන වල විභාගවලින් නිදහස් වීම් ලබා ගැනීමට නම් AAT Passed finalist කෙනෙක් විය යුතුය

නොහැක. AAT Passed finalist කෙනෙක වීමට නම්, ඔබ විසින් BC සමත්ව තිබිය යුතුය, නැතහොත් වෙනත් සුදුසුකම් මත BC සඳහා නිදහස් කිරීම් ලබා ගත යුතුය.

නොහැක. ඔබට කිසිදු තත්වයක් යටතේවත් මීට පෙර AAT විභාගයකදී සමත් වූ / නිදහස් වූ විෂයක් සඳහා නැවත ඉල්ලූම් කළ නොහැක.

නොහැකිය. සමාවෙන්න. අපි කිසිදු තත්වයක් යටතේ ගෙවූ විභාග ගාස්තු ආපසු ගෙවන්නේ හෝ වෙනත් කටයුත්තකට මාරු කරන්නේ හෝ නැත. ඔබ විසින් ගෙවන ලද විභාග ගාස්තුව ඊළඟ ආසන්නතම විභාගයට මාරු කිරීමට ඔබට අවශ්‍ය නම්, ඔබේ විභාග ප්‍රවේශ පත්‍රය නිකුත් කිරීමට පෙර ඔබ විසින් ලිඛිතව විභාගයට පෙනී නොසිටින බව දන්වා ලිපියක් විභාග අංශය වෙත භාරදිය යුතුය.

විභාගය පැවැත්වෙන දිනට මාසයකට වත් කලින් ඒ බව ලිඛිතව AAT විභාග අංශයට භාරදිය යුතුය.

  • විභාගය අවසන් වී දින 60 ක් ඇතුළත ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරේ.
  • තනි තනි ප්‍රතිඵල ලේඛන සාමාන්‍ය තැපෑලෙන් ඔබ වෙත එවනු ලැබේ.
  • අවසන් අදියරේ ප්‍රතිඵල පමනක් AAT ආයතනයෙහි ප්‍රදර්ශනය කරනු ලැබේ.
  • ප්‍රතිපල නිකුත් වූ සැනින් අන්තර්ජාලය ඔස්සේ ද ප්‍රතිඵල දැකිය හැක. ඒ සඳහා www.aatsl.lk වෙත පිවිසෙන්න.
  • ප්‍රතිඵල නිකුත් කල බව SMS එකක් මගින් ඔබට දැනුම් දෙනු ඇත.
  • ත්‍යාගලාභියා අදාළ අදියරේ සියලුම විෂයයන් සඳහා ඉල්ලුම් කර ඉතා ඉහලින් සමත් වී තිබිය යුතු අතර එය ඔහුගේ / ඇයගේ පළමු උත්සාහය විය යුතුය. (01st attempt)
  • ඔහු / ඇය එක් එක් විෂය සඳහා වැඩිම ලකුණු ලබා තිබිය යුතුය.
  • ඔබ කිසියම් විෂයයක් අසමත් වුවහොත් / නොපැමිණියහොත්/ නිදහස් වීමක් ලබාගෙන තිබුනහොත් / මීට පෙර එම විභාගයට පෙනී සිට තිබුණහොත් ඔබ ත්‍යාගලාභියෙකු වීමට නුසුදුස්සෙකු වනු ඇත.

ඔව්. ඔබේ මුල් ප්‍රතිඵල ලේඛනය නැතිවී හෝ හානි වී ඇත්නම් ඔබට ඒ සඳහා අයදුම් කළ හැකිය. පහත ක්‍රියා පටිපාටිය අනුගමනය කළ යුතුය:

  • ඔබගේ ලිඛිත ඉල්ලීම සාම විනිසුරු (JP), ග්‍රාම සේවක හෝ ඒඒටී සාමාජිකයකු (member) විසින් සහතික කර ලැබීමෙන් පසුව AAT මධ්‍යස්ථානයට භාර දිය යුතුය..
  • එම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් ඔබට අනුපිටපත් ප්‍රතිඵල පත්‍රයක් සඳහා අයදුම්පත ලබා ගත හැකිය.
  • ඔබ AAT ශිෂ්‍ය සේවා මධ්‍යස්ථානයේ අයකැමිහට එක ප්‍රතිඵල පත්‍රයකට රු. 500/- ක් ගෙවිය යුතුය.
  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද ඉහත ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් ඔබට වැඩකරන දින 2 කින් අනුපිටපතක් ලබා ගත හැකිය.
  • AAT ශාඛා මගින්ද මේ සදහා අයදුම් කල හැකිය.

පහත ක්‍රියා පටිපාටිය අනුගමනය කළ යුතුය:

  • අධ්‍යාපනික ප්‍රතිඵල වාර්තාවක් සඳහා වන ඉල්ලුම් පත්‍රය AAT කාර්යාලයෙන් හෝ AAT ශාඛා මගින් ලබා ගත යුතුය. නැතහොත් පහත ලින්කුවෙන් බාගත කර ගත යුතුය.

අධ්‍යාපනික ප්‍රතිඵල වාර්තාවක් සඳහා අයදුම් පත්‍රය

  • ඔබ විසින් රු. 2,500/- ක් AAT ශිෂ්‍ය සේවා මධ්‍යස්ථානයේ මුදල් අයකැමි වෙත ගෙවිය යුතුය.

  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත සහ ගෙවීම් පත්‍රිකාව සමඟ ඔබේ සියලුම AAT විභාග ප්‍රතිඵල ලේඛනයන්හි ඡායා පිටපත් නිසි පිළිවෙලට ඉදිරිපත් කළ යුතුය.

  • ඉහත සියලු ලියකියවිලි නිසි ලෙස ඉදිරිපත් කිරීමෙන් ඔබට වැඩකරන දින 5 කින් එම වාර්තාව ලබා ගත හැකිය.

  • AAT ශාඛා මගින් ද මේ සදහා අයදුම් කල හැකිය.

ඔව්. වැඩි විස්තර සඳහා AAT ආවසරිකයන් සඳහා නිදහස් කිරීම්වලට යොමු වන්න. AAT වෙබ් අඩවිය පරිශීලනය කරන්න. අවසන් ප්‍රතිඵල ලේඛනය සමඟ ද සියළු විස්තර පත්‍රිකා ඔබ වෙත තැපෑලෙන් එවනු ලැබේ.

(Q40, 41, 42, 43 සහ 44 බලන්න)

  • AAT ප්‍රධාන කාර්යාලයෙන් හෝ AAT ශාඛා මගින් ඔබට ඉල්ලුම් පතක් ලබා ගත හැකිය, නැතහොත් පහත ලින්කුවෙන් එය බාගත කරගත හැකිය.

CA Sri Lanka වෙතින් නිදහස් කිරීම් සඳහා ඉල්ලුම් පත්‍රය

  • ඔබ රු. 1,800/- NSB හෝ HNB බැංකුවට ගෙවිය යුතුය. බැංකු විස්තර පහත පරිදි වේ:
ගෙවීම් උපදෙස්:
ගෙවීම් මධ්‍යස්ථාන: ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ (NSB) හෝ හැටන් නැෂනල් බැංකුවේ (HNB) ඕනෑම ශාඛාවක්
ගිණුම් අංක:
  • NSB (90_ _ _ _ 2301989)
  • HNB (039020327099)
ගෙවීම් වවුචරය: ගෙවීම සඳහා බැංකුවේ ඇති මුදල් තැන්පතු පත් භාවිතා කරන්න
[මුදල් තැන්පතු යන්ත්‍ර (CDM) හරහා ගෙවීම් සිදු නොකරන්න]
ගෙවීම් යොමු අංකය: “88” මුලට යොදා ඔබේ අංක 7 කින් යුත් ශිෂ්‍ය ලියාපදිංචි අංකය ලියන්න.
(Eg: 88 _ _ _ _ _ _ _ )
සටහන: ඔබ විසින් ගෙවීම් සිදු කරනු ලබන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවකට නම්, තැන්පත්කරුගේ නම සඳහා වෙන් කර ඇති ඉඩෙහි ඉහත යොමු අංකය (88 සිට ආරම්භ කර) ලිවිය යුතය . ඔබ විසින් ගෙවීම් සිදු කරනු ලබන්නේ හැටන් නැෂනල් බැංකු ශාඛාවකට (HNB) නම්, “තැන්පත්කරුගේ යොමු අංකය” සඳහා වෙන් කර ඇති ඉඩෙහි ඉහත යොමු අංකය ලිවිය යුතය .
  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත සහ බැංකුව මගින් යාවත්කාලීන කරන ලද තැන්පතු පත්‍රය සමඟ, ඔබගේ III අදියරේ / අවසාන අදියරේ ප්‍රතිඵල ලේඛනයේ පිටපත් 2ක් ඉදිරිපත් කළ යුතුය.
  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද ලිපි ලේඛන නිසි පරිදි ඉදිරිපත් කළ විට, AAT කාර්යාලයේ බලයලත් පුද්ගලයින් විසින් සහතික කරන ලද ප්‍රතිඵල ලේඛනයේ අනුපිටපත් සමඟ නිර්දේශ ලිපිය වැඩ කරන දින 3ක් ඇතුළත දී ලබා ගත හැකිය.
  • AAT ශාඛා මගින් ද තොරතුරු ගෙන මේ සදහා අයදුම් කල හැකිය
  • ඔබට AAT ප්‍රධාන කාර්යාලයෙන් අයදුම්පත ලබා ගත හැකිය, නැතහොත් පහත ලින්කුවෙන් එය බාගත කරගත හැකිය: AAT ශාඛා මගින් ද විස්තර ලබා ගත හැක

CIMA-UK වෙතින් නිදහස් කිරීම් සඳහා අයදුම්පත

ගෙවීම් උපදෙස්::
ගෙවීම් මධ්‍යස්ථාන: ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ (NSB) හෝ හැටන් නැෂනල් බැංකුවේ (HNB) ඕනෑම ශාඛාවක්
ගිණුම් අංක:
  • NSB (90_ _ _ _ 2301989)
  • HNB (039020327099)
ගෙවීම් වවුචරය: ගෙවීම සඳහා බැංකුවේ ඇති මුදල් තැන්පතු පත් භාවිතා කරන්න
[මුදල් තැන්පතු යන්ත්‍ර (CDM) හරහා ගෙවීම් සිදු නොකරන්න]
ගෙවීම් යොමු අංකය: “88” මුලට යොදා ඔබේ අංක 7 කින් යුත් ශිෂ්‍ය ලියාපදිංචි අංකය පසුව ලියන්න.
(උදා: 88 _ _ _ _ _ _ _ )
සටහන: ඔබ විසින් ගෙවීම් සිදු කරනු ලබන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවකට නම්, තැන්පත්කරුගේ නම සඳහා වෙන් කර ඇති ඉඩෙහි ඉහත යොමු අංකය (88 සිට ආරම්භ කර) ලිවිය යුතය. ඔබ විසින් ගෙවීම් සිදු කරනු ලබන්නේ හැටන් නැෂනල් බැංකු ශාඛාවකට (HNB) නම්, “තැන්පත්කරුගේ යොමු අංකය” සඳහා වෙන් කර ඇති ඉඩෙහි ඉහත යොමු අංකය ලිවිය යුතය.
  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත සහ බැංකුව මගින් යාවත්කාලීන කරන ලද තැන්පතු පත්‍රය සමඟ, ඔබගේ III අදියරේ / අවසාන අදියරේ ප්‍රතිඵල ලේඛනයේ පිටපතක් සමග අදියර I හා II ප්‍රතිඵල ලේඛන වල පිටපතක් බැගින් ද ඉදිරිපත් කල යුතුය.
  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද ලිපි ලේඛන නිසි පරිදි ඉදිරිපත් කළ විට, AAT කාර්යාලයේ බලයලත් පුද්ගලයින් විසින් සහතික කරන ලද ප්‍රතිඵල ලේඛනයේ අනුපිටපත් සමඟ නිර්දේශ ලිපිය වැඩ කරන දින 3ක් ඇතුළත දී ලබා ගත හැකිය.
  • AAT ශාඛා මගින් ද තොරතුරු ගෙන මේ සදහා අයදුම් කල හැකිය
  • AAT ප්‍රධාන කාර්යාලයෙන් ඔබට අයදුම්පත ලබා ගත හැකිය, නැතහොත් පහත ලින්කුවෙන් එය බාගත කරගත හැකිය: : AAT ශාඛා මගින් ද විස්තර ලබා ගත හැක

ICMA Sri Lanka වෙතින් නිදහස් කිරීම් ලබාගැනීම සඳහා අයදුම්පත

  • ඔබ විසින් බැංකුවට රු .1,800 / - ක් ගෙවිය යුතුයි. බැංකු විස්තර පහත පරිදි වේ:
ගෙවීම් උපදෙස්:
ගෙවීම් මධ්‍යස්ථාන: ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ (NSB) හෝ හැටන් නැෂනල් බැංකුවේ (HNB) ඕනෑම ශාඛාවක්
ගිණුම් අංක:
  • NSB (90_ _ _ _ 2301989)
  • HNB (039020327099)
ගෙවීම් වවුචරය: ගෙවීම සඳහා බැංකුවේ ඇති මුදල් තැන්පතු පත් භාවිතා කරන්න
[මුදල් තැන්පතු යන්ත්‍ර (CDM) හරහා ගෙවීම් සිදු නොකරන්න]
ගෙවීම් යොමු අංකය: “88” මුලට යොදා ඔබේ අංක 7 කින් යුත් ශිෂ්‍ය ලියාපදිංචි අංකය ලියන්න.
(උදා: 88 _ _ _ _ _ _ _ )
සටහන: ඔබ විසින් ගෙවීම් සිදු කරනු ලබන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවකට නම්, තැන්පත්කරුගේ නම සඳහා වෙන් කර ඇති ඉඩෙහි ඉහත යොමු අංකය (88 සිට ආරම්භ කර) ලිවිය යුතය. ඔබ විසින් ගෙවීම් සිදු කරනු ලබන්නේ හැටන් නැෂනල් බැංකු ශාඛාවකට (HNB) නම්, “තැන්පත්කරුගේ යොමු අංකය” සඳහා වෙන් කර ඇති ඉඩෙහි ඉහත යොමු අංකය ලිවිය යුතය.
  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත සහ බැංකුව මගින් යාවත්කාලීන කරන ලද තැන්පතු පත්‍රය සමඟ, ඔබගේ III අදියරේ / අවසාන අදියරේ ප්‍රතිඵල ලේඛනයේ පිටපතක් සමග අදියර I හා II ප්‍රතිඵල ලේඛන වල පිටපතක් බැගින් ද ඉදිරිපත් කල යුතුය.
  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද ලිපි ලේඛන නිසි පරිදි ඉදිරිපත් කළ විට, AAT කාර්යාලයේ බලයලත් පුද්ගලයින් විසින් සහතික කරන ලද ප්‍රතිඵල ලේඛනයේ අනුපිටපත් සමඟ නිර්දේශ ලිපිය වැඩ කරන දින 3ක් ඇතුළත දී ලබා ගත හැකිය.
  • AAT ශාඛා මගින් ද තොරතුරු ගෙන මේ සදහා අයදුම් කල හැකිය

ඔව් ඔබට පුළුවන්. Q39, Q40 සහ Q41 යටතේ දක්වා ඇති අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටිය අනුගමනය කළ යුතුය. කෙසේ වෙතත්, ගෙවීම් පිළිබඳ විස්තර පහත පරිදි වේ:

  • නිදහස් කිරීම් තුනක් සඳහා - රු. 2,300/- (නිදහස්වීම් ලබා ගැනීම් ලිපි 03ක් ආයතන 03 ක් සඳහා) (Eg: CA Sri Lanka, CIMA, CMA)
  • ඕනෑම නිදහස් කිරීම් දෙකක් සඳහා - රු. 2,000/-
  • නිදහස් කිරීම් එකක් සඳහා රු. 1,800/-

ඒ සඳහා ඔබ විසින් AAT SL වෙතින් අධ්‍යාපනික ප්‍රතිඵල වාර්තාවක් (Academic Transcript) ලබා ගත යුතුය: Q38

නොහැක. අපි ඉතා වගකීමෙන් පරීක්ෂා කළ පසු ප්‍රතිපල ප්‍රකාශයට පත් කරන්නෙමු. අප ආයතනයේ විභාග නීතිරීති වලට අනුකූලව කිසිවිටෙකත් පිළිතුරු පත් නැවත පරීක්ෂා කරනු නොලැබේ.

නව විෂය නිර්දේශය 2020 ජූලි විභාගයේ සිට ක්‍රියාත්මක වේ.

ඔව්. සිංහල/දෙමළ / ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම තියෙනවා.

AAT ප්‍රධාන කාර්යාලයෙන් හෝ AAT ශාඛා මගින් මිලදී ගත හැකි අතර නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාවද ඇත

අදියර පොතේ නම මිල (රු.)

අදියර I

101 - මූල්‍ය ගිණුම්කරණය

1,000/-

102 - ව්‍යාපාරික ගණිතය සහ සංඛ්‍යානය

1,250/-

103 - ආර්ථික විද්‍යාව

950/-

104 - ව්‍යාපාරික පරිසරය

1,000/-

 

අදියර I සඳහා මුළු ගාස්තුව.

4,200/-

 

 

 

අදියර II

201 - උසස් මූල්‍ය ගිණුම්කරණය සහ පිරිවැයකරණය

1,500/-

202 - ඩිජිටල් පරිසරයේ තොරතුරු පද්ධති

850/-

203 - ව්‍යාපාර නීතිය

1,100/-

204 - ව්‍යාපාර කලමනාකරණය

1,450/-

 

අදියර II සඳහා මුළු ගාස්තුව.

4,900/-

 

 

 

අදියර III

301 - මූල්‍ය වාර්තාකරණය

1,450/-

 

302 - කලමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය

1,000/-

 

303 - මූල්‍ය පාලනයන් සහ විගණනය

950/-

 

304 - සංස්ථාපිත සහ පුද්ගල බදුකරණය

900/-

 

අදියර III සඳහා මුළු ගාස්තුව.

4,300/-

 

 

 

කුසලතා ආධාරක විෂය

310 - ව්‍යාපාරික සන්නිවේදය (BC)

750/-

ශිෂ්‍ය අත්පොත 100/-

ඔව්. ලංකා බැංකුවේ A/c No. 165139 ගිණුමට අදාළ මුදල ගෙවා ගෙවීම් වවුචරයේ පිටපතක් ඔබගේ විස්තර සමඟ finance@aatsl.lk ට e-mail කරන්න.

බැංකුවට මුදල් ගෙවීමට පෙර AAT ප්‍රධාන කාර්යාලයෙන් හෝ AAT ශාඛා මගින් විස්තර ලබා ගන්න.

දු.ක. අංකය: (011) 2559669, දිගු. 501/510
ෆැක්ස් අංකය: (011) 2559672
විද්‍යුත් තැපෑල: exams@aatsl.lk

Hotline : 0114377007/ 0741504738

පහත දුරකථන අංකවලින් අප අමතන්න:
විභාග අයදුම්පත්: (011) 2559669 දිගුව. 506 / 509 / 510
CA, CIMA & CMA Exemption letters / Duplicate results sheet / Transcripts : (011) 2559669 දිගුව. 508

Hotline : 0114377007/ 0741504738