නිරන්තර විමසීම් (FAQ)

(AAT විභාග පිලිබඳ ඔබට පැන නැගිය හැකි ගැටලු පහත සදහන් ප්‍රශ්නාවලිය තුලින් අවබෝධ කර ගන්න.)

කුසලතා ආධාරක විෂය ද ඇතුළත්ව අදියර තුනකින් සමන්විත වේ

  • 01 අදියර (Level 01)
  • 02 අදියර (Level 02) - සහ කුසලතා ආධාරක විෂය (Business Communication (English))
  • 03 අදියර (Level 03) - සහ කුසලතා ආධාරක විෂය (Business Communication (English))

විෂය නිර්දේශය බලා ගැනීම සඳහා පහත ලින්කුව ක්ලික් කරන්න

https://aatsl.lk/index.php/si/examination/syllabus.

සෑම අදියරකම තාක්ෂණික විෂයයන් 4 බැගින් විෂයයන් 12 ක් තියෙනවා. ඊට අමතරව, BC (Talent Subject) යනුවෙන් විකල්ප විෂයක් ද තියෙනවා. (Passed FInalist කෙනෙක් වශයෙන් ඔබව පිළිගැනීමට නම් ප්‍රධාන විෂයයන් 12 ත් සමග BC විෂයද සම්පූර්ණ කර තිබිය යුතුය

අදියර විෂයයන් ගණන කාලය අමතර කියවීමේ කාලය
අදියර 01 04 03 අදාළ නොවේ
අදියර 02 04 03 විනාඩි 15
අදියර 03 04 03 විනාඩි 15
කුසලතා ආධාරක විෂය (BC) 01 03 අදාළ නොවේ
  • එක් අදියරක් සමත් වීමට නම් අපේක්ෂකයෙකු එක් එක් විෂය සඳහා අවම වශයෙන් ලකුණු 50 ක් ලබා ගත යුතුය.
  • සිසුන් කිසියම් අදියරක විෂයයක් හෝ විෂයයන් කිහිපයක් සඳහා නොපැමිණිය ද /අසමත් වුවද, “C” ශ්‍රේණිය ගත් විෂයක් තිබුනොත් එය සමත් විෂයයක් ලෙස සලකනු ලැබේ (ලකුණු 50 - 59 සඳහා “C” ශ්‍රේණිය ලබා දෙනු ලැබේ). “C”, ”B”, ”A” ශ්‍රේණි ගත් විෂයයන් සමත් විෂයන් බැවින් ඒ සඳහා නැවත අයදුම් කළ නොහැක
  • අවසාන ප්‍රතිඵල,  “සමත්” හෝ “අසමත්” ලෙස නිකුත් කෙරේ.

ඔව්, ඔබට ඕනෑම මාධ්‍යයකින් විභාග සඳහා ඉල්ලුම් කළ හැකිය. කෙසේවෙතත්, එක් අදියරක විෂයන් සියල්ලම එක් මාධ්‍යයකින් සම්පූර්ණ කිරීමට වග බලා ගත යුතුය.

නමුත් සිසුන් යම්කිසි අදියරක් තමන් කැමති එක් මාධ්යයකින් ඉල්ලුම් කරල අසමත් වුවහොත් ඊළඟ විභාගයේ දී එම අදියර ම වෙනත් මාධ්යකින් ඉල්ලුම් කිරීමේ හැකියාව ඇත

වසරකට දෙවරක් විභාග පැවැත්වේ. ජනවාරි සහ ජූලි (3 වන සහ 4 වන සති අන්ත).

(සැළකිය යුතුයි: 2026 ජූලි විභාගය 2026 ජූලි 25, 26 සහ 2026 අගෝස්තු 01, 02 සති අන්තවල පැවැත්වේ.

2026 ජූලි විභාගය සඳහා - 2026 අප්‍රේල් 02 සිට 2026 මැයි 04

  • ජූලි විභාගය - අප්‍රේල් 30
  • ජනවාරි විභාගය - ඔක්තෝම්බර් 31

2026 ජූලි විභාගය සදහා - 2026 මැයි 04

ඔව්. සාමාන්‍ය ගාස්තුවෙන් 50% ක ප්‍රමාද විභාග ගාස්තුවක් ද සමග විභාග ගාස්තුව ගෙවිය යුතුය. විභාග අයදුම්පත් භාරගැනීමේ අවසාන දින සිට දින 7 ක් දක්වා මෙම ප්‍රමාද විභාග ඉල්ලුම්පත් භාරගනු ලැබේ.

2026 ජූලි විභාගය සදහා - 2026 මැයි 11

විභාගය සඳහා ඉල්ලුම් කිරීමට කොළ පැහැති (green color) අයදුම් පත්‍රයක් ඇත. ඔබ විභාගයට අයදුම් කරන වර්ෂය සඳහා ක්‍රියාකාරී (Active) ශිෂ්‍යයෙක් නම් ඔබට තැපැල් මගින් විභාග අයදුම්පතක් නිවසට ලැබෙනු ඇත.

ක්‍රියාකාරී (Active) ශිෂ්‍යයින් = අදාල වර්ෂයට අලුතින් ලියාපදිංචි වූ සිසුන් + අදාල වර්ෂයට ලියාපදිංචිය අලුත් කළ සිසුන්

ඔබ හට ඉහත සදහන් අයදුම් පත ලැබී නොමැති නම් හෝ එය භාවිතා කොට තවමත් විභාගයට අයදුම් කොට නොමැති නම් , On line හරහාද විභාගයට අයදුම් කිරීමේ හැකියාව ඇත.

සැළකිය යුතුයි :

  • මෙය වලංගු වන්නේ අයදුම් පත් භාරගන්නා කාල සීමාව තුල පමණි.
  • එමෙන්ම ඔබ විසින් අයදුම් කිරීමේදී මෙම අකාර දෙකෙන් එක් ආකාරයක් පමණක් භාවිතා කිරීමට වග බලා ගත යුතුය.
  • පුවත්පත් දැන්වීම් මගින්
  • සෑම ක්‍රියාකාරී සිසුවෙකුටම කෙටි පණිවිඩයක් (SMS) යවනු ලැබේ.
  • පිළිගත් අධ්‍යාපන මධ්‍යස්ථාන හරහා (AECs)
  • AAT ශාඛා ජාලය මගින්
  • AAT වෙබ් අඩවිය මගින් (www.aatsl.lk

 ((සෑම විටම ඔබගේ නිවරදි ජංගම දුරකථන අංකය සහ email address AAT ශිෂ්යය ලියාපදිංචි අංශයට භාර දී Update කරගන්න.))

අදියර එක් විෂයයක් (රු.) විෂයයන් දෙකක් (රු.) විෂයයන් තුනක් (රු.) විෂයයන් හතරක් (රු.)
I අදියර 2,400/- 4,800/- 7,200/- 9,600/-
II අදියර 2,900/- 5,800/- 8,700/- 11,600/-
III අදියර 3,100/- 6,200/- 9,300/- 12,400/-
කුසලතා ආධාරක විෂය (BC) 2,900/- - - -
 
(ඔබ අයදුම් කරන විෂයන් ගනන අනුව ගෙවිය යුතු විභාග ගාස්තුව ගණනය කර ගන්න.

විභාග ගාස්තු BOC බැංකු ශාඛා වලට පමණක් ගෙවිය යුතුය) විභාග ගාස්තු BOC බැංකු ශාඛා වලට පමණක් ගෙවිය යුතුය. CDM යන්ත්‍ර හරහා විභාග ගාස්තු ගෙවිය නොහැක)

  • විභාග අයදුම්පත සමඟ නිශ්චිත ගෙවීම් වවුචරයක් ද ඔබ වෙත ලැබෙනු ඇත. විභාග ගෙවීම් කළ යුත්තේ එම ගෙවීම් වවුචරය භාවිතා කර ලංකා බැංකු ශාඛාවලට පමණි. (Bank of Ceylon)
  • CDM යන්ත්‍ර භාවිතා කොට විභාග ගාස්තු ගෙවිය නොහැක.
  • Online ක්‍රමයටද විභාග ගාස්තු ගෙවිය නොහැක.
  • ලංකා බැංකුව (BOC) හැර වෙනත් බැංකු වලට ද විභාග ගාස්තු ගෙවිය නොහැක.

I අදියර සහ II අදියරේ විෂයක් හෝ විෂයන් කිහිපයක් තමන් කැමති ආකාරයකට තෝරාගෙන අයදුම් කළ හැකිය. ඒ අනුව, අදියර I / II හි අයදුම් කරන විෂය / විෂයයන් ඔබට තීරණය කළ හැකිය. නමුත් III අදියරේ දී පමණක් ඔබ කැමති ආකාරයට විෂයන් තෝරාගෙන අයදුම් කිරීමට අවසර දෙනු නොලැබේ. III අදියරේ දී අසමත් / නොපැමිණි විෂයයන් සියල්ලම එකවර අයදුම් කළ යුතුය.

ඔව්. විෂයන් 08 ටම එකවර ඉල්ලුම් කළ හැක. නැත්නම් ඔබ මෙම මට්ටම් දෙකෙ දී පමනක් ඕනෑම විෂයන් කිහිපයක් තෝරාගෙන ඉල්ලුම් කළ හැක.

අදියර I  ඊලග විභාගයකදි කිරීමේ අරමුනින් අදියර II ට පමනක් ද අයදුම් කල හැක.

A/L ප්‍රතිපල මත හෝ වෙනත් විභාග වල ප්‍රතිපල මත විෂයන්ගෙන් නිදහස් වීම් ලබා ගත හැකි නම් AAT විභාගය ට අයදුම් කිරීමට පෙර මුදල් ගෙවා එම නිදහස් වීම් ලබා ගත යුතුය

එය ඔබම තීරණය කළ යුතුය. AAT විභාග මධ්‍යස්ථාන දිවයින පුරා ප්‍රධාන නගර 14ක පිහිටා ඇත. විභාග මධ්‍යස්ථාන සහිත ප්‍රධාන නගර 14 ක් ඇත. (කොළඹ, නුවර, අම්පාර, යාපනය, මඩකලපුව, බදුල්ල, මාතර, ගාල්ල, කලුතර, රත්නපුර, කුරුණෑගල අනුරාධපුරය, පොලොන්නරුව සහ ගම්පහ) ඔබගේ පදිංචියට ආසන්නතම නගරය තෝරාගත හැකිය.

(ඉහත සදහන් නගර වල ඇති ප්‍රධාන පාසැල් වල විභාග මධ්‍යස්‌ථාන පිහිටුවනු ලැබේ.)

නොහැක. III අදියරට අයදුම් කිරීමට සුදුසුකම් ලැබීම සඳහා ඔබ I අදියර සහ II අදියර දෙකම සම්පූර්ණ කළ යුතුය.

වෙනත් විභාග මත යම් කිසි අදියරකින් හෝ විෂයන්ගෙන් නිදහස් වීම් ලබාගත හැකි නම් විභාගයට ඉල්ලුම් කිරීමට පෙර මුදල් ගෙවා නිදහස් වීමේ ඉල්ලුම් පතක් පුරවා එම නිදහස්වීම් ලබා ගත යුතය

විභාගය තක්සේරු වර්ෂය
ජූලි 2024 2023/2024
ජනවාරි 2025  2023/2024

ඔව්, ඔබ විසින් III අදියරේ සියලුම විෂයයන් සඳහා එකවර අයදුම් කළ යුතුය. අසමත් හෝ නොපැමිණි විෂයයන් සඳහා ද එකවර අයදුම් කළ යුතුය. තවමත් සමත් වී නැති විෂයන්ගෙන් තෝරාගත් විෂයයන් සඳහා පමණක් අයදුම් කිරීමට අවසර දෙනු නොලැබේ.

මේ අනුව අදියර III ට අයදුම් කිරීමේදි තමන් කැමති ආකාරයට කල යුතු යම් යම් විෂයන් අතහැර තෝරාගත් විෂයන්ට පමනක් අයදුම් කල නොහැක.

ඔව්. ඔබට හැකිය. මෙහිදී අවම වශයෙන් "C" සාමාර්ථ හෝ “A”, “B” සාමාර්ථ ගත් විෂයන් සමත් විෂයක් සේ සළකනු ලැබේ. මීළඟ උත්සාහයේදී ඔබ විසින් නොපැමිණි හෝ අසමත් විෂයයන් සඳහා පමනක් එකවර ඉල්ලුම් කර III අදියර සම්පූර්ණ කළ හැකිය.

"C" සාමාර්ථයක් ලබා ගැනීමට ලකුනු 50-59 අතර ප්‍රමාණයක් ලබාගත යුතුය.

ඔව්. ඔබට හැකිය. එසේ සමත් වීමට නම් "C" හෝ “A”, “B” සාමාර්ථයක් ලබා ගත යුතුය. ඔබේ ප්‍රතිපල විෂයය අනුව ඔබට ලැබෙනු ඇත. ඊළඟ උත්සාහයේදී ඔබ විසින් අවසන් වරට නොපැමිණි / අසමත් විෂයයන් සමත් වී II අදියර සම්පූර්ණ කළ හැකිය. කෙසේ වෙතත්, ඊලග උත්සාහයකදී නොපැමිණි / අසමත් වූ සියලුම විෂයයන් සඳහා එකවර අයදුම් කිරීමට හො විෂයන් තෝරාගෙන අයදුම් කිරීමට ඔබට අවසර ඇත. අදියර III පමනක් ට මෙම අවසරය නැත

ඔව්. ඔබට හැකිය. එසේ සමත් වීමට නම් "C" හෝ “A”, “B” සාමාර්ථයක් ලබා ගත යුතුය. ඔබේ ප්‍රතිඵල අදාළ විෂයය අනුව ඔබට ලැබෙනු ඇත. මීළඟ උත්සාහයේදී ඔබ විසින් නොපැමිණි හෝ අසමත් වූ විෂයයන් සමත් වී I හෝ II අදියරයන් සම්පූර්ණ කළ හැකිය. මේ අනුව, නොපැමිණි / අසමත් වූ සියලුම විෂයයන් සඳහා එකවර අයදුම් කිරීමට හො විෂයන් තෝරාගෙන අයදුම් කිරීමට ඔබට අවසර ඇත. අදියර III ට පමනක් මෙම අවසරය නැත

ඔබ විසින් ලියාපදිංචි අංශයට ලබා දී ඇති ලිපිනයට තැපැල් මගින් ප්‍රවේශ පත්‍රය ලැබෙනු ඇත. එසේ නොලැබුණහොත් ඔබ හට

  • ඒ ඒ ටී ප්‍රධාන ආයතනයෙන් හෝ ඒ ඒ ටී අනු ශාඛාවලින් හෝ
  • වෙබ් අඩවිය හරහා ද බා ගත (download) කර ගත හැකිය. ඒ ලෙස බා ගත කරගන්නා ලද ප්‍රවේශ පත්‍රයෙහි පිටපතක් විභාගයට පැමිණීමේදී සහතික කරගෙන පැමිණිය යුතුය.

ඔව්. සාමන්‍යය විභාග ගාස්තුවෙන් 50% ක් ඊළගආසන්නතම විභාගයට පමණක් මාරු කළ හැකිය. කෙසේ වෙතත්, 50% ක මෙම "බැරපත " ලබා ගැනීම සදහා පහත සදහන් ලියකියවිලි විභාගය අවසන් වූ දින සිට සති දෙකක් ( දින 14) ඇතුළත AAT ආයතනයේ විභාග අංශයට හෝ AATශාඛා වලට ඉදිරිපත් කළ යුතුය.

  • AAT මුල් විභාග ප්‍රවේශපත්‍රය ( Original Admission Form)
  • ලිඛිත ඉල්ලීම
  • වෛද්‍ය සහතිකය (Government or Private)

සැ.යූ :

  • යම් කිසි අදියරක අයදුම් කල සියලුම විෂයන් අසනීප තත්වයක් මත Absent වුවහොත් පමණක් බැරපතක් (Credit Note) සදහා ඉල්ලුම් කල හැක.
  • Business Communication (BC) විෂය අසනීප තත්වයක් මත Absent වුවහොත් ඒ සදහා බැරපතක් ඉල්ලුම් කල හැක.

ඔව්. විභාගයේ අවසාන දිනයේ සිට සති 2 ක් (දින 14 ක්) ඇතුළත.

(Q24 බලන්න)

බැර පත් නිකුත් කරනු ලබන්නේ අසනීප වීම හේතුවෙන් අයදුම් කළ සියලුම විෂයයන් සඳහා පෙනී සිටීමට අපොහොසත් වූ සිසුන් විසින් නියමිත දිනට පෙර ඉදිරිපත් කරන ලද වෛද්‍ය සහතික මත පදනම්ව පමණි.

අදියර 1 විභාගය සම්පූර්ණ කිරීමෙන් පසු ඔබට BC විෂයය සඳහා අයදුම් කිරීමට අවසර දෙනු ලැබේ.

ඔව්. අයදුම් කළ හැක. වෙනත් උත්සාහයකදී BC විෂය සඳහා ඉල්ලුම් කළ හැක. ඔබට අවශ්‍ය නම්, III අදියර සම්පූර්ණ කිරීමෙන් පසුව BC සඳහා ඉල්ලුම් කළ හැකිය.

Passed finalist කෙනෙකු වීමට නම් BC විෂය ද සම්පූර්ණ කර තිබිය යුතුය වෙනත් වෘත්තීමය විභාග වලින් නිදහස් වීම් ලබා ගත හැක්කේ Passed Finalist වුවහොත් පමණි

ලකුණු 50 ක් ලබා ගත යුතුය. (ලකුණු 50-59) එනම් “C” සාමාර්ථයක්

එය පැය 3 ක ලිඛිත ප්‍රශ්න පත්‍රයක් මගින් පරීක්ෂා කරනු ලැබේ. ලකුණු 50ක් ලබා ගත යුතුය.(විනාඩි 15ක අමතර කියවිමේ කාලයක් මෙම ප්‍රශ්ණ පත්‍රය සදහා නොලැබේ)

AAT අවසන් අදියර සමත් වුවද (PF) වීමට නම්, අදියරයන් 3 ම සම්පූර්ණ කළ යුතු අතර BC විෂයය ද සම්පූර්ණ කළ යුතුය.
AAT නව විෂය නිර්දේශ යටතේ CA Sri Lanka, CIMA, CMA, ACCA සහ වෙනත් වෘත්තීය අධ්යාපනික ආයතන වල විභාගවලින් නිදහස් වීම් ලබා ගැනීමට නම් AAT Passed finalist කෙනෙක් විය යුතුය

නොහැක. AAT Passed finalist කෙනෙක වීමට නම්, ඔබ විසින් BC සමත්ව තිබිය යුතුය, නැතහොත් වෙනත් සුදුසුකම් මත BC සඳහා නිදහස් කිරීම් ලබා ගත යුතුය.

නොහැක. ඔබට කිසිදු තත්වයක් යටතේවත් මීට පෙර AAT විභාගයකදී සමත් වූ / නිදහස් වූ විෂයක් සඳහා නැවත ඉල්ලූම් කළ නොහැක.

නොහැකිය. සමාවෙන්න. අපි කිසිදු තත්වයක් යටතේ ගෙවූ විභාග ගාස්තු ආපසු ගෙවන්නේ හෝ වෙනත් කටයුත්තකට මාරු කරන්නේ හෝ නැත. ඔබ විසින් ගෙවන ලද විභාග ගාස්තුව ඊළඟ ආසන්නතම විභාගයට මාරු කිරීමට ඔබට අවශ්‍ය නම්, ඔබේ විභාග ප්‍රවේශ පත්‍රය නිකුත් කිරීමට පෙර ඔබ විසින් ලිඛිතව විභාගයට පෙනී නොසිටින බව දන්වා ලිපියක් විභාග අංශය වෙත භාරදිය යුතුය.

විභාගය පැවැත්වෙන දිනට මාසයකට වත් කලින් ඒ බව ලිඛිතව AAT විභාග අංශයට භාරදිය යුතුය.

  • විභාගය අවසන් වී දින 60 ක් ඇතුළත ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරේ.
  • තනි තනි ප්‍රතිඵල ලේඛන සාමාන්‍ය තැපෑලෙන් ඔබ වෙත එවනු ලැබේ.
  • අවසන් අදියරේ ප්‍රතිඵල පමනක් AAT ආයතනයෙහි ප්‍රදර්ශනය කරනු ලැබේ.
  • ප්‍රතිපල නිකුත් වූ සැනින් අන්තර්ජාලය ඔස්සේ ද ප්‍රතිඵල දැකිය හැක. ඒ සඳහා www.aatsl.lk වෙත පිවිසෙන්න.
  • ප්‍රතිඵල නිකුත් කල බව SMS එකක් මගින් ඔබට දැනුම් දෙනු ඇත.
  • ත්‍යාගලාභියා අදාළ අදියරේ සියලුම විෂයයන් සඳහා ඉල්ලුම් කර ඉතා ඉහලින් සමත් වී තිබිය යුතු අතර එය ඔහුගේ / ඇයගේ පළමු උත්සාහය විය යුතුය. (01st attempt)
  • ඔහු / ඇය එක් එක් විෂය සඳහා වැඩිම ලකුණු ලබා තිබිය යුතුය.
  • ඔබ කිසියම් විෂයයක් අසමත් වුවහොත් / නොපැමිණියහොත්/ නිදහස් වීමක් ලබාගෙන තිබුනහොත් / මීට පෙර එම විභාගයට පෙනී සිට තිබුණහොත් ඔබ ත්‍යාගලාභියෙකු වීමට නුසුදුස්සෙකු වනු ඇත.

ඔව්. ඔබේ මුල් ප්‍රතිඵල ලේඛනය නැතිවී හෝ හානි වී ඇත්නම් ඔබට ඒ සඳහා අයදුම් කළ හැකිය. පහත ක්‍රියා පටිපාටිය අනුගමනය කළ යුතුය

  • AAT ප්‍රධාන කාර්යාලයෙන් හෝ AAT ශාඛා මගින් ඔබට ඉල්ලුම් පතක් ලබා ගත හැකිය, නැතහොත් පහත ලින්කුවෙන් එය බාගත කරගත හැකිය.

    ප්‍රතිඵල ලේඛනයක අනුපිටපත් (Duplicate) සඳහා ඉල්ලුම් පත්‍රය

  • ඔබ එක් ප්‍රතිඵල පත්‍රයක් සදහා රු. 500/- ක් ගෙවිය යුතු අතර මෙම ගෙවිම AAT ප්‍රධාන ශාඛාවෙහි අයකැමි හරහා / NSB හෝ HNB යන බැංකුවල ඕනෑම ශාඛාවක් හරහා /AAT වෙබ් අඩවිය හරහා Online හෝ සිදු කල හැකිය.
බැංකුවට ගෙවන්නේ නම් :
ගෙවීම් මධ්‍යස්ථාන: හැටන් නැෂනල් බැංකුවේ (HNB) ඕනෑම ශාඛාවක්
ගිණුම් අංක: HNB (039020327099)
ගෙවීම් වවුචරය: ගෙවීම සඳහා බැංකුවේ ඇති මුදල් තැන්පතු පත් භාවිතා කරන්න
[මුදල් තැන්පතු යන්ත්‍ර (CDM) හරහා ගෙවීම් සිදු නොකරන්න]
ගෙවීම් යොමු අංකය: “88” මුලට යොදා ඔබේ අංක 7 කින් යුත් ශිෂ්‍ය ලියාපදිංචි අංකය පසුව ලියන්න.
(උදා: 88 _ _ _ _ _ _ _ )
සටහන: ඔබ විසින් ගෙවීම් සිදු කරනු ලබන්නේ හැටන් නැෂනල් බැංකු ශාඛාවකට (HNB) නම්, “තැන්පත්කරුගේ යොමු අංකය” සඳහා වෙන් කර ඇති ඉඩෙහි ඉහත යොමු අංකය ලිවිය යුතය.
AAT වෙබ් අඩවිය හරහා Online ගෙවන්නේනම්:
- ගෙවීම් සිදු කල හැකි වනුයේ ණයපත් (Credit Card) හරහා පමණි
- වෙබ් අඩවියෙහි ඉහල සදහන් Online Payment යන්න ක්ලික් කරන්න
- “Account Type” යන ස්ථානයෙහි “Student registration No” යන්න තෝරන්න
- Account ID යනුවෙන් සඳහන්ව ඇති ස්ථානයෙහි ඔබගේ අංක 7කින් යුතුවූ ඒ ඒ ටී ශිෂ්‍ය හැදුනුම්පත් අංකය සදහන් කල යුතුය. එසේ සඳහන් කිරීමේදී ශිෂ්‍ය හැදුනුම්පත් අංකයට ඉදිරියෙන් 88 යනුවෙන් සදහන් කල යුතුවේ. ( උදා: 88 _ _ _ _ _ _ _)
- "Pay for" යනුවෙන් සඳහන් කර ඇති ස්ථානයෙහි ඔබ විසින් "Duplicate Result Sheet” යනුවෙන් සඳහන් කල යුතුය
- සියලුම තොරතුරු ඇතුලත් කිරීමෙන් අනතුරුව "Send" යන්න තෝරන්න
  • පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත සමග මුදල් ගෙවන ලද රිසිට්පත හෝ මුදල් ගෙවූ පසු බැංකුව මගින් යාවත්කාලින කරන ලද තැන්පතු පත හෝ Online රිසිට්පත භාරදිය යුතුය.
  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද ඉහත ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් ඔබට වැඩකරන දින 3 කින් අනුපිටපතක් ලබා ගත හැකිය
  • මෙම සියලුම ලේඛන AAT ප්‍රධාන ශාඛාව වෙත භාර දිය යුතු අතර ඔබට එසේ කිරීමෙහි යම් අපහසුතාවයක් පවතී නම් AAT ශාඛාවන් හට මෙම ලේඛන භාර දිය හැකිය. ඔවුන් එම අවශ්‍ය ලේඛන ඉන් අනතුරුව අප වෙත යොමු කරනු ඇත.
  • AAT ප්‍රධාන කාර්යාලයෙන් හෝ AAT ශාඛා මගින් ඔබට ඉල්ලුම් පතක් ලබා ගත හැකිය, නැතහොත් පහත ලින්කුවෙන් එය බාගත කරගත හැකිය

    අධ්‍යාපනික ප්‍රතිඵල වාර්තාවක් (Transcript) සඳහා අයදුම් පත්‍රය

  • ඔබ විසින් රු. 3,500/- ක් (2023 අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි) ගෙවිය යුතු අතර මෙය AAT ප්‍රධාන ශාඛාවෙහි අයකැමි හරහා / NSB හෝ HNB යන බැංකුවල ඕනෑම ශාඛාවක් හරහා /AAT වෙබ් අඩවිය හරහා Online හෝ සිදු කල හැකිය.
බැංකුවට ගෙවන්නේ නම් :
ගෙවීම් මධ්‍යස්ථාන: හැටන් නැෂනල් බැංකුවේ (HNB) ඕනෑම ශාඛාවක්
ගිණුම් අංක: HNB (039020327099)
ගෙවීම් වවුචරය: ගෙවීම සඳහා බැංකුවේ ඇති මුදල් තැන්පතු පත් භාවිතා කරන්න
[මුදල් තැන්පතු යන්ත්‍ර (CDM) හරහා ගෙවීම් සිදු නොකරන්න]
ගෙවීම් යොමු අංකය: “88” මුලට යොදා ඔබේ අංක 7 කින් යුත් ශිෂ්‍ය ලියාපදිංචි අංකය පසුව ලියන්න.
(උදා: 88 _ _ _ _ _ _ _ )
සටහන:ඔබ විසින් ගෙවීම් සිදු කරනු ලබන්නේ හැටන් නැෂනල් බැංකු ශාඛාවකට (HNB) නම්, “තැන්පත්කරුගේ යොමු අංකය” සඳහා වෙන් කර ඇති ඉඩෙහි ඉහත යොමු අංකය ලිවිය යුතය.
AAT වෙබ් අඩවිය හරහා Online ගෙවන්නේනම්:
- ගෙවීම් සිදු කල හැකි වනුයේ ණයපත් (Credit Card) හරහා පමණි
- වෙබ් අඩවියෙහි ඉහල සදහන් Online Payment යන්න ක්ලික් කරන්න
- “Account Type” යන ස්ථානයෙහි “Student registration No” යන්න තෝරන්න
- Account ID යනුවෙන් සඳහන්ව ඇති ස්ථානයෙහි ඔබගේ අංක 7කින් යුතුවූ ඒ ඒ ටී ශිෂ්‍ය හැදුනුම්පත් අංකය සදහන් කල යුතුය. එසේ සඳහන් කිරීමේදී ශිෂ්‍ය හැදුනුම්පත් අංකයට ඉදිරියෙන් 88 යනුවෙන් සදහන් කල යුතුවේ. ( උදා: 88 _ _ _ _ _ _ _)
- "Pay for" යනුවෙන් සඳහන් කර ඇති ස්ථානයෙහි ඔබ විසින් "Transcript” යනුවෙන් සඳහන් කල යුතුය
- සියලුම තොරතුරු ඇතුලත් කිරීමෙන් අනතුරුව "Send" යන්න තෝරන්න
  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත සහ ගෙවීම් පත්‍රිකාව සමඟ ඔබේ සියලුම AAT විභාග ප්‍රතිඵල ලේඛනයන්හි ඡායා පිටපත් නිසි පිළිවෙලට ඉදිරිපත් කළ යුතුය
  • ඉහත සියලු ලියකියවිලි නිසි ලෙස ඉදිරිපත් කිරීමෙන් ඔබට වැඩකරන දින 5 කින් එම වාර්තාව ලබා ගත හැකිය
  • මෙම සියලුම ලේඛන AAT ප්‍රධාන ශාඛාව වෙත භාර දිය යුතු අතර ඔබට එසේ කිරීමෙහි යම් අපහසුතාවයක් පවතී නම් AAT ශාඛාවන් හට මෙම ලේඛන භාර දිය හැකිය. ඔවුන් එම අවශ්‍ය ලේඛන ඉන් අනතුරුව අප වෙත යොමු කරනු ඇත.

ඔව්. වැඩි විස්තර සඳහා AAT ආවසරිකයන් සඳහා නිදහස් කිරීම්වලට යොමු වන්න. AAT වෙබ් අඩවිය පරිශීලනය කරන්න. අවසන් ප්‍රතිඵල ලේඛනය සමඟ ද සියළු විස්තර පත්‍රිකා ඔබ වෙත තැපෑලෙන් එවනු ලැබේ.

(Q40, 41, 42, 43 සහ 44 බලන්න)

  • AAT ප්‍රධාන කාර්යාලයෙන් හෝ AAT ශාඛා මගින් ඔබට ඉල්ලුම් පතක් ලබා ගත හැකිය, නැතහොත් පහත ලින්කුවෙන් එය බාගත කරගත හැකිය.

    CA Sri Lanka වෙතින් නිදහස් කිරීම් සඳහා ඉල්ලුම් පත්‍රය

  • ඔබ විසින් රු. 2,200/- ක් (2023 අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි) ගෙවිය යුතු අතර මෙය AAT ප්‍රධාන ශාඛාවෙහි අයකැමි හරහා / NSB හෝ HNB යන බැංකුවල ඕනෑම ශාඛාවක් හරහා /AAT වෙබ් අඩවිය හරහා Online හෝ සිදු කල හැකිය.
බැංකුවට ගෙවන්නේ නම් :
ගෙවීම් මධ්‍යස්ථාන: හැටන් නැෂනල් බැංකුවේ (HNB) ඕනෑම ශාඛාවක්
ගිණුම් අංක: HNB (039020327099)
ගෙවීම් වවුචරය: ගෙවීම සඳහා බැංකුවේ ඇති මුදල් තැන්පතු පත් භාවිතා කරන්න
[මුදල් තැන්පතු යන්ත්‍ර (CDM) හරහා ගෙවීම් සිදු නොකරන්න]
ගෙවීම් යොමු අංකය: “88” මුලට යොදා ඔබේ අංක 7 කින් යුත් ශිෂ්‍ය ලියාපදිංචි අංකය පසුව ලියන්න.
(උදා: 88 _ _ _ _ _ _ _ )
සටහන: ඔබ විසින් ගෙවීම් සිදු කරනු ලබන්නේ හැටන් නැෂනල් බැංකු ශාඛාවකට (HNB) නම්, “තැන්පත්කරුගේ යොමු අංකය” සඳහා වෙන් කර ඇති ඉඩෙහි ඉහත යොමු අංකය ලිවිය යුතය.
AAT වෙබ් අඩවිය හරහා Online ගෙවන්නේනම්:
- ගෙවීම් සිදු කල හැකි වනුයේ ණයපත් (Credit Card) හරහා පමණි
- වෙබ් අඩවියෙහි ඉහල සදහන් Online Payment යන්න ක්ලික් කරන්න
- “Account Type” යන ස්ථානයෙහි “Student registration No” යන්න තෝරන්න
- Account ID යනුවෙන් සඳහන්ව ඇති ස්ථානයෙහි ඔබගේ අංක 7කින් යුතුවූ ඒ ඒ ටී ශිෂ්‍ය හැදුනුම්පත් අංකය සදහන් කල යුතුය. එසේ සඳහන් කිරීමේදී ශිෂ්‍ය හැදුනුම්පත් අංකයට ඉදිරියෙන් 88 යනුවෙන් සදහන් කල යුතුවේ. ( උදා: 88 _ _ _ _ _ _ _)
- "Pay for" යනුවෙන් සඳහන් කර ඇති ස්ථානයෙහි ඔබ විසින් "CA Exemption” යනුවෙන් සඳහන් කල යුතුය
- සියලුම තොරතුරු ඇතුලත් කිරීමෙන් අනතුරුව "Send" යන්න තෝරන්න
  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත සහ බැංකුව මගින් යාවත්කාලීන කරන ලද තැන්පතු පත්‍රය සමඟ, ඔබගේ III අදියරේ / අවසාන අදියරේ ප්‍රතිඵල ලේඛනයේ පිටපත් 2ක් ඉදිරිපත් කළ යුතුය.
  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද ලිපි ලේඛන නිසි පරිදි ඉදිරිපත් කළ විට, AAT කාර්යාලයේ බලයලත් පුද්ගලයින් විසින් සහතික කරන ලද ප්‍රතිඵල ලේඛනයේ අනුපිටපත් සමඟ නිර්දේශ ලිපිය වැඩ කරන දින 3ක් ඇතුළත දී ලබා ගත හැකිය.
  • මෙම සියලුම ලේඛන AAT ප්‍රධාන ශාඛාව වෙත භාර දිය යුතු අතර ඔබට එසේ කිරීමෙහි යම් අපහසුතාවයක් පවතී නම් AAT ශාඛාවන් හට මෙම ලේඛන භාර දිය හැකිය. ඔවුන් එම අවශ්‍ය ලේඛන ඉන් අනතුරුව අප වෙත යොමු කරනු ඇත.
  • AAT ප්‍රධාන කාර්යාලයෙන් හෝ AAT ශාඛා මගින් ඔබට ඉල්ලුම් පතක් ලබා ගත හැකිය, නැතහොත් පහත ලින්කුවෙන් එය බාගත කරගත හැකිය

    CIMA-UK වෙතින් නිදහස් කිරීම් සඳහා අයදුම්පත

  • ඔබ විසින් රු. 2,200/- ක් (2023 අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි) ගෙවිය යුතු අතර මෙය AAT ප්‍රධාන ශාඛාවෙහි අයකැමි හරහා / NSB හෝ HNB යන බැංකුවල ඕනෑම ශාඛාවක් හරහා /AAT වෙබ් අඩවිය හරහා Online හෝ සිදු කල හැකිය.
බැංකුවට ගෙවන්නේ නම් :
ගෙවීම් මධ්‍යස්ථාන: හැටන් නැෂනල් බැංකුවේ (HNB) ඕනෑම ශාඛාවක්
ගිණුම් අංක: HNB (039020327099)
ගෙවීම් වවුචරය: ගෙවීම සඳහා බැංකුවේ ඇති මුදල් තැන්පතු පත් භාවිතා කරන්න
[මුදල් තැන්පතු යන්ත්‍ර (CDM) හරහා ගෙවීම් සිදු නොකරන්න]
ගෙවීම් යොමු අංකය: “88” මුලට යොදා ඔබේ අංක 7 කින් යුත් ශිෂ්‍ය ලියාපදිංචි අංකය පසුව ලියන්න.
(උදා: 88 _ _ _ _ _ _ _ )
සටහන: ඔබ විසින් ගෙවීම් සිදු කරනු ලබන්නේ හැටන් නැෂනල් බැංකු ශාඛාවකට (HNB) නම්, “තැන්පත්කරුගේ යොමු අංකය” සඳහා වෙන් කර ඇති ඉඩෙහි ඉහත යොමු අංකය ලිවිය යුතය.
AAT වෙබ් අඩවිය හරහා Online ගෙවන්නේනම්:
- ගෙවීම් සිදු කල හැකි වනුයේ ණයපත් (Credit Card) හරහා පමණි
- වෙබ් අඩවියෙහි ඉහල සදහන් Online Payment යන්න ක්ලික් කරන්න
- “Account Type” යන ස්ථානයෙහි “Student registration No” යන්න තෝරන්න
- Account ID යනුවෙන් සඳහන්ව ඇති ස්ථානයෙහි ඔබගේ අංක 7කින් යුතුවූ ඒ ඒ ටී ශිෂ්‍ය හැදුනුම්පත් අංකය සදහන් කල යුතුය. එසේ සඳහන් කිරීමේදී ශිෂ්‍ය හැදුනුම්පත් අංකයට ඉදිරියෙන් 88 යනුවෙන් සදහන් කල යුතුවේ. ( උදා: 88 _ _ _ _ _ _ _)
- "Pay for" යනුවෙන් සඳහන් කර ඇති ස්ථානයෙහි ඔබ විසින් "CIMA Exemption” යනුවෙන් සඳහන් කල යුතුය
- සියලුම තොරතුරු ඇතුලත් කිරීමෙන් අනතුරුව "Send" යන්න තෝරන්න
  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත සහ බැංකුව මගින් යාවත්කාලීන කරන ලද තැන්පතු පත්‍රය සමඟ, ඔබගේ III අදියරේ / අවසාන අදියරේ ප්‍රතිඵල ලේඛනයේ පිටපතක් සමග අදියර I හා II ප්‍රතිඵල ලේඛන වල පිටපතක් බැගින් ද ඉදිරිපත් කල යුතුය.
  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද ලිපි ලේඛන නිසි පරිදි ඉදිරිපත් කළ විට, AAT කාර්යාලයේ බලයලත් පුද්ගලයින් විසින් සහතික කරන ලද ප්‍රතිඵල ලේඛනයේ අනුපිටපත් සමඟ නිර්දේශ ලිපිය වැඩ කරන දින 3ක් ඇතුළත දී ලබා ගත හැකිය.
  • මෙම සියලුම ලේඛන AAT ප්‍රධාන ශාඛාව වෙත භාර දිය යුතු අතර ඔබට එසේ කිරීමෙහි යම් අපහසුතාවයක් පවතී නම් AAT ශාඛාවන් හට මෙම ලේඛන භාර දිය හැකිය. ඔවුන් එම අවශ්‍ය ලේඛන ඉන් අනතුරුව අප වෙත යොමු කරනු ඇත.
  • AAT ප්‍රධාන කාර්යාලයෙන් හෝ AAT ශාඛා මගින් ඔබට ඉල්ලුම් පතක් ලබා ගත හැකිය, නැතහොත් පහත ලින්කුවෙන් එය බාගත කරගත හැකිය.

    ICMA Sri Lanka වෙතින් නිදහස් කිරීම් ලබාගැනීම සඳහා අයදුම්පත

  • ඔබ විසින් රු. 2,200/- ක් (2023 අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි) ගෙවිය යුතු අතර මෙය AAT ප්‍රධාන ශාඛාවෙහි අයකැමි හරහා / NSB හෝ HNB යන බැංකුවල ඕනෑම ශාඛාවක් හරහා /AAT වෙබ් අඩවිය හරහා Online හෝ සිදු කල හැකියේ
බැංකුවට ගෙවන්නේ නම් :
ගෙවීම් මධ්‍යස්ථාන: හැටන් නැෂනල් බැංකුවේ (HNB) ඕනෑම ශාඛාවක්
ගිණුම් අංක: HNB (039020327099)
ගෙවීම් වවුචරය: ගෙවීම සඳහා බැංකුවේ ඇති මුදල් තැන්පතු පත් භාවිතා කරන්න
[මුදල් තැන්පතු යන්ත්‍ර (CDM) හරහා ගෙවීම් සිදු නොකරන්න]
ගෙවීම් යොමු අංකය: “88” මුලට යොදා ඔබේ අංක 7 කින් යුත් ශිෂ්‍ය ලියාපදිංචි අංකය පසුව ලියන්න.
(උදා: 88 _ _ _ _ _ _ _ )
සටහන: ඔබ විසින් ගෙවීම් සිදු කරනු ලබන්නේ හැටන් නැෂනල් බැංකු ශාඛාවකට (HNB) නම්, “තැන්පත්කරුගේ යොමු අංකය” සඳහා වෙන් කර ඇති ඉඩෙහි ඉහත යොමු අංකය ලිවිය යුතය.
AAT වෙබ් අඩවිය හරහා Online ගෙවන්නේනම්:
- ගෙවීම් සිදු කල හැකි වනුයේ ණයපත් (Credit Card) හරහා පමණි
- වෙබ් අඩවියෙහි ඉහල සදහන් Online Payment යන්න ක්ලික් කරන්න
- “Account Type” යන ස්ථානයෙහි “Student registration No” යන්න තෝරන්න
- Account ID යනුවෙන් සඳහන්ව ඇති ස්ථානයෙහි ඔබගේ අංක 7කින් යුතුවූ ඒ ඒ ටී ශිෂ්‍ය හැදුනුම්පත් අංකය සදහන් කල යුතුය. එසේ සඳහන් කිරීමේදී ශිෂ්‍ය හැදුනුම්පත් අංකයට ඉදිරියෙන් 88 යනුවෙන් සදහන් කල යුතුවේ. ( උදා: 88 _ _ _ _ _ _ _)
- "Pay for" යනුවෙන් සඳහන් කර ඇති ස්ථානයෙහි ඔබ විසින් "CMA Exemption” යනුවෙන් සඳහන් කල යුතුය
- සියලුම තොරතුරු ඇතුලත් කිරීමෙන් අනතුරුව "Send" යන්න තෝරන්න
  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත සහ බැංකුව මගින් යාවත්කාලීන කරන ලද තැන්පතු පත්‍රය සමඟ, ඔබගේ III අදියරේ / අවසාන අදියරේ ප්‍රතිඵල ලේඛනයේ පිටපතක් සමග අදියර I හා II ප්‍රතිඵල ලේඛන වල පිටපතක් බැගින් ද ඉදිරිපත් කල යුතුය.
  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද ලිපි ලේඛන නිසි පරිදි ඉදිරිපත් කළ විට, AAT කාර්යාලයේ බලයලත් පුද්ගලයින් විසින් සහතික කරන ලද ප්‍රතිඵල ලේඛනයේ අනුපිටපත් සමඟ නිර්දේශ ලිපිය වැඩ කරන දින 3ක් ඇතුළත දී ලබා ගත හැකිය.
  • මෙම සියලුම ලේඛන AAT ප්‍රධාන ශාඛාව වෙත භාර දිය යුතු අතර ඔබට එසේ කිරීමෙහි යම් අපහසුතාවයක් පවතී නම් AAT ශාඛාවන් හට මෙම ලේඛන භාර දිය හැකිය. ඔවුන් එම අවශ්‍ය ලේඛන ඉන් අනතුරුව අප වෙත යොමු කරනු ඇත.

ඔව් ඔබට පුළුවන්. Q40, Q41 සහ Q42 යටතේ දක්වා ඇති අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටිය අනුගමනය කළ යුතුය. කෙසේ වෙතත්, ගෙවීම් පිළිබඳ විස්තර පහත පරිදි වේ (2023 අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි):

  • නිදහස් කිරීම් තුනක් සඳහා - රු. 2,700/- (නිදහස්වීම් ලබා ගැනීම් ලිපි 03ක් ආයතන 03 ක් සඳහා) (Eg: CA Sri Lanka, CIMA, CMA)
  • ඕනෑම නිදහස් කිරීම් දෙකක් සඳහා - රු. 2,400/-

ඒ සඳහා ඔබ විසින් AAT SL වෙතින් අධ්‍යාපනික ප්‍රතිඵල වාර්තාවක් (Academic Transcript) ලබා ගත යුතුය: Q38

WES – Canada ආයතනය විසින් ඔබගේ AAT ප්‍රථිපල වලට අදාල තොරතුරු අප විසින් ඔවුන් හට සෘජුවම එවනු ඇතැයි අපෙක්ෂා කෙරේ. එබැවින් එ සදහා අවශ්‍ය පහත සදහන් ලෙඛන අප වෙත ලබා දිය යුතුය.

  • WES අයදුම්පතට අදාල යොමු අංකය සහිත WES අධ්‍යයන වාර්තා ඉල්ලීම් පෝරමය (ඔබ A කොටස පුරවා තිබිය යුතුය).
  • ඔබ AAT අවසන් විභාගය සමත් වූ අයෙක් නම් (Passed Finalist), PF සහතිකයේ සහතික කළ ස්කෑන් පිටපතක් (AAT ලියාපදිංචි කිරීමේ සහ සාමාජිකත්ව අංශයෙන් සහතික කර තිබිය යුතුය)
  • ඔබ ක්‍රියාකාරී AAT සාමාජිකයෙකු නම්, සාමාජික සහතිකයේ සහතික කළ ස්කෑන් පිටපතක් (AAT ලියාපදිංචි කිරීමේ සහ සාමාජිකත්ව අංශයෙන් සහතික කර තිබිය යුතුය)
  • AAT අධ්‍යාපනික ප්‍රතිඵල වාර්තා අයදුම්පත (Academic transcript Form) (FAQ 38 බලන්න), ඔබ මේ සඳහා අයදුම් කරන විට ඉහත සඳහන් ලේඛණ ද ඉදිරිපත් කළ යුතුය.

ප්‍රතිඵල වාර්තාව (Academic transcript) සූදානම් වූ පසු, අපි අදාළ සියලුම ලේඛණ ඔබගේ WES යොමු අංකය සහිතව WES - Canada වෙත විද්‍යුත් තැපෑලෙන් යවනු ලැබේ.

නොහැක. අපි ඉතා වගකීමෙන් පරීක්ෂා කළ පසු ප්‍රතිපල ප්‍රකාශයට පත් කරන්නෙමු. අප ආයතනයේ විභාග නීතිරීති වලට අනුකූලව කිසිවිටෙකත් පිළිතුරු පත් නැවත පරීක්ෂා කරනු නොලැබේ.

නව විෂය නිර්දේශය 2026 ජූලි විභාගයේ සිට ක්‍රියාත්මක වේ.

ඔව්. සිංහල/දෙමළ / ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම තියෙනවා.

AAT ප්‍රධාන කාර්යාලයෙන් හෝ AAT ශාඛා මගින් මිලදී ගත හැක.

එමෙන්ම ඔබ හට දැන් AAT වෙබ් අඩවිය හරහා online E-Study Text මිලදි ගැනිමට ද අවස්ථාව සලසා ඇත (Online Purchase ).

කරුණාකර පහත වගුව බලන්න..

අධ්‍යයන පෙළපොත්වල (Study Texts) මිල ගණන් පහත පරිදි වේ. භාශා මාධ්‍යය අනුව මිල ගණන්වල වෙනසක් නොමැත.

අදියර  විෂය අංකය විෂය නාමය  මිල (Rs.)
Printed Version (Rs.) E-Version (Rs.)
 අදියර  01 FAC 1901 මුල්‍ය ගිණුම්කරණය 1,000/- 300/-
BMS 1902 ව්‍යාපාරික ගණිතය සහ සංඛ්‍යානය 1,250/- 375/-
ECN 1603 ආර්ථික විද්‍යාව 950/- 275/-
BEN 1604 ව්‍යාපාරික පරිසරය 1,000/- 375/-
 Total  4,200/- 1,325/-
 අදියර  02 FCA 2801 මුල්‍ය සහ පිරිවැය ගිණුම්කරණය 1,500/- 425/-
DTI 2802 ඩිජිටල් පරිවර්තනය සහ තොරතුරු පද්ධති 850/- 325/-
BLA 2803 ව්‍යාපාර නීතිය 1,100/- 325/-
BMA 2804 ව්‍යාපාර කළමනාකරණය 1,450/- 350/-
 Total  4,900/- 1,425/-
 අදියර 03 FAR 3801 මුල්‍ය වාර්තාකරණය 1,450/- 450/-
MAF 3802 කළමනාකරණ ගිණුම්කරණය සහ මුල්‍ය 1,000/- 375/-
RCA 3803 අවධානම,පාලනයන් සහ විගණනය 950/- 350/-
CPT 3804 Corporate & Personal Taxation 900/- 375/-
Total  4,300/- 1,550/-
කුසලතා ආධාරක විෂය  BC 305  ව්‍යාපාරික සන්නිවේදනය 750/- 200/-

ඔව්.

  • අදාළ මුදල BoC බැංකු ගිණුම් අංක 165139 ගෙවිය යුතුය.
  • ඉන්පසු ගෙවීම් වවුචරයේ පිටපත සහ ඔබේ විස්තර Shirmila@aatsl.lk යන ඊමේල් ලිපිනයට ඊමේල් කල යුතුය.

සැළකිය යුතුයි: මුදල් ගෙවීම සිදුකිරීමට පෙර, වැඩිදුර විස්තර සඳහා කරුණාකර AAT ප්‍රධාන කාර්යාලය (ෂිර්මිලා මහත්මිය - 076 355 9669) / AAT ශාඛා අමතන්න.

දු.ක. අංකය: (011) 2559669, දිගු. 501/511
ෆැක්ස් අංකය: (011) 2559672
විද්‍යුත් තැපෑල: exams@aatsl.lk

Hotline : 0114377007/ 0741504738

පහත දුරකථන අංකවලින් අප අමතන්න:
විභාග අයදුම්පත්: (011) 2559669 දිගුව. 506 / 509 / 510 / 511
CA, CIMA & CMA Exemption letters / Duplicate results sheet / Transcripts : (011) 2559669 දිගුව. 508

Hotline : 0114377007/ 0741504738