සාමාජිකයෙකු ලෙස ලියාපදිංචි වන්නේ කෙසේද ?

සාමාජික අයදුම්පත සඳුදා සිට සිකුරාදා දක්වා වැඩකරන වේලාවන්හිදී (පෙ.ව. 8.45 සිට ප.ව 5.00 දක්වා) සහ සෙනසුරාදා පෙ.ව. 9.00 සිට ප.ව 4.00 දක්වා AAT කාර්යාලයෙන් හෝ තැපෑලෙන් අදාළ සියලු තොරතුරු සමඟ  ලබා ගත හැකිය. එසේම ඔබට අයදුම්පත මෙතැනින් බාගත කරගත හැකිය:

AAT සාමාජික අයදුම්පත

 

නිසි පරිදි සම්පුර්ණ කරන ලද සාමාජික අයදුම් පත්‍රය ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය, AAT මධ්‍යස්ථානය, අංක 540, පූජ්‍ය. මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි මාවත, නාරහෙන්පිට, කොළඹ 05 ලිපිනයට ගෙනැවිත් භාරදිය හැකිය. / ලියාපදිංචි තැපෑලෙන් එවිය හැකිය.

සාමාජික අයදුම්පත සමඟ පහත සඳහන් දෑ අමුණා තිබිය යුතුය;

  • AAT අවසාන ප්‍රථිපල ලේඛනය සහ PLS සහතිකය (සහතික කළ ඡායා පිටපත්)
  • පළපුරුද්ද / ප්‍රායෝගික පුහුණුව පිළිබඳ විධිමත් පදනම් වාර්තා පොත (MAAT සඳහා අයදුම් කරන අයට)
  • ඔබගේ වර්තමාන, පෙර සේවා යෝජකයන්ගේ සේවා ලිපි (අදාළතාව පරිදි)
  • ගෙවීම් වවුචරය / චෙක්පත් / වෙනත් ගෙවීම් තහවුරු කිරීමේ ලේඛන
  • වෙනත් අධ්‍යාපන හා වෘත්තීය සහතිකවල සහතික කළ ඡායා පිටපත්
  • ජාතික හැඳුනුම්පත සහ උප්පැන්න සහතිකයේ සහතික කල පිටපතක්
  • මෑතකදී ගත් මුද්දර ප්රමාණයේ වර්ණ ඡායාරූප 2ක්.
  • SAT / FMAAT සාමාජික ප්‍රභේදය ස‍ඳහා අයදුම් කරන / උසස් කරන අය සඳහා Powerpoint ඉදිරිපත් කිරීම
    (CA ශ්‍රී ලංකා සාමාජිකයන්හට මෙය අදාළ නොවේ.)

වත්මන් සාමාජික ගාස්තු ව්‍යුහය

සාමාජිකත්ව ප්‍රභේද
ලියාපදිංචි කිරීමේ ගාස්තුව (සාමාන්‍ය)
සාමාජිකත්ව ලියාපදිංචි කිරීමේ ගාස්තුව (යාවජීව )
සාමාන්‍ය සාමාජිකයින්‍ සඳහා 2022 සඳහා අළුත් කිරීමේ ගාස්තුව
MAAT - AAT විභාග හරහා
Rs. 6,000/=
Rs. 32,000/=
Rs. 3,500/=
MAAT - AAT විභාග හරහා (අවුරුදු 4 ක සේවා විශේෂ යෝජනා ක්‍රමය)
Rs. 7,000/=
Rs. 32,000/=
Rs. 3,500/=
MAAT - සෘජු අයදුම්කරුවන්
Rs. 23,000/=
Rs. 40,000/=
Rs. 3,500/=
SAT (සෘජු අයදුම්කරුවන්)
Rs. 24,000/=
Rs. 45,000/=
Rs. 4,500/=
FMAAT (සෘජු අයදුම්කරුවන්)
Rs. 25,000/=
Rs. 50,000/=
Rs. 5,500/=

 

පවත්නා සාමාජිකත්වය ඊළඟ ප්‍රභේදය වෙත උසස් (upgrade) කිරීම සඳහා අදාළ ගාස්තු
කාණ්ඩය
සාමාන්‍ය > සාමාන්‍ය
සාමාන්‍ය > යාවජීව
යාවජීව > යාවජීව
MAAT සිට SAT දක්වා
Rs. 8,000/=
Rs. 36,000/=
Rs. 4,000/=
SAT සිට FMAAT දක්වා
Rs. 9,000/=
Rs. 42,000/=
Rs. 6,000/=

 

පවත්නා සාමාන්‍ය සාමාජිකත්වය යාවජීව සාමාජිකත්වයට පරිවර්තනය කිරීම - (Life Conversion)

 

දැනට සිටින සාමාජිකයින් සඳහා යාවජීව සාමාජික අයදුම්පත