පරිචයේ නියැලෙන සාමාජිකයන්

AAT ශ්‍රී ලංකා සාමාජිකයෙක් (වරලත් ගණකාධිකාරීවරයකු හැර) පහත සඳහන් කාරණා සපුරන්නේ නම් පරිචයේ නියැලෙන වෘත්තීය ගණකාධිකාරීවරයෙකු (“Members in Practice”-MIP) ලෙස සලකනු ලැබේ. පරිචයේ නියැලෙන සාමාජිකයන් (MIP) යනු අර්ධ කාලීන හෝ පූර්ණ කාලීනව;

  • තනි හිමිකරුවෙකු ලෙස

හෝ

  • හවුල්කරුවකු ලෙස (වැටුප් හෝ කොටස් හිමි).

පරිචයේ නියැලෙන වෘත්තීය ගණකාධිකාරීවරයෙකු ලෙස මහජනයාට පෙනී සිටින අයවලුන් වේ.

පරිචයේ නියැලෙන සාමාජිකයින් සතුව වලංගු AAT MIP සහතිකයක් තිබිය යුතු අතර, එය පරිචයේ නියැලෙන සාමාජිකයන් විසින් අවස්ථානුකුලව ලබාගත යුතුය.

සටහන: පහත ඕනෑම කාණ්ඩයක් යටතේ MIP සහතිකය සඳහා අයදුම් කරන සාමාජිකයන් VIVA පරීක්ෂණයක් සඳහා මුහුණ දීම අවශ්‍ය වේ. MIP සහතිකය අයදුම් කිරීමේ ගාස්තුවට සමාන ගාස්තුවක් වාර්ෂිකව සහතිකය අලුත් කිරීමේදී ද ගෙවිය යුතුය.

 

පරිචයේ නියැලෙන සාමාජික සහතිකයේ කාණ්ඩ 2 ක් ඇති අතර ඒ සඳහා සාමාජිකයින් විසින් ඉල්ලුම් කළ යුතුය."

1. අනුමත ගණකාධිකාරීවරුන් (Approved Accountant) සඳහා වන MIP සහතිකය

සුදුසුකම්

වසර 2 ක පශ්චාත් AAT සාමාජිකත්වය සම්පූර්ණ කළ AAT ක්‍රියාකාරී අධි සාමාජිකයන් (FMAAT) (වරලත් ගණකාධිකාරීවරුන් හැරුණු විට) .

(දේශීය ආදායම් පනත යටතේ බලයලත් නියෝජිත (Authorized representative) තත්ත්වය ලබා ගැනීම සඳහා, ගිණුම්කරණ ක්ෂේත්‍රයේ අවම වශයෙන් අවුරුදු 10 ක පළපුරුද්දක් තිබීම (ස්වයං රැකියාවක් නොකිරීම) අවශ්‍යය.


හිමිකම්

සාමාජිකයින් සඳහා වන AAT MIP සහතිකය සහතිකය දරන්නාට හිමි වන්නේ:

  • දේශීය ආදායම් පනත අනුව අනුමත ගණකාධිකාරීවරයෙකු ලෙස පරිචයේ නියැලීම;
  • දේශීය ආදායම් පනත ප්‍රකාරව බලයලත් නියෝජිතයෙකු පරිචයේ නියැලීම;
  • ව්‍යවස්ථාපිත විගණන හැර වෙනත් ඕනෑම වෘත්තීය ගණකාධිකරණ සේවාවක නිරත වීම.

 

2. වෙනත් වෘත්තීය ගණකාධිකරණ සේවා සඳහා වන AAT MIP සහතිකය. 

හිමිකම්

AAT සාමාජිකත්වය ලබාගැනීමෙන් පසුව වසර 2 ක් ඇති AAT ශ්‍රී ලංකා MAAT සහ SAT ප්‍රභේදවල ක්‍රියාකාරී සාමාජිකයන් (වරලත් ගණකාධිකාරීවරුන් හැරුණු විට).

/>හිමිකම්

  • දේශීය ආදායම් පනත ප්‍රකාරව “බලයලත් නියෝජිතයෙකු” ලෙස පරිචයේ නියැලීම; සහ
    (දේශීය ආදායම් පනත යටතේ බලයලත් නියෝජිත තත්ත්වය ලබා ගැනීම සඳහා, ගිණුම්කරණ ක්ෂේත්‍රයේ අවම වශයෙන් අවුරුදු 10 ක පළපුරුද්දක් තිබීම (ස්වයං රැකියාවක් නොකිරීම) අවශ්‍යය.
  • ව්‍යවස්ථාපිත විගණන හැර වෙනත් ඕනෑම වෘත්තීය ගණකාධිකරණ සේවාවක නිරත වීම.

 

MIP සහතික සඳහා වත්මන් ගාස්තු ව්‍යුහය

  • අනුමත ගණකාධිකාරී (FMAAT)- රු 10,000 / -
  • වෙනත් වෘත්තීය සේවා (SAT සහ MAAT) - රු 5,000 / -

 

MIP සහතික සඳහා ඉල්ලුම් පත්‍රය