ඒ.ඒ.ටී. විභාගයේ යම් විෂයක් එම විභාගයට පෙනී සිටීම මඟින් හෝ ඒ.ඒ.ටී. පාලක මණ්ඩලය විසින් පිළිගත් වෙනත් අදාළ සුදුසුකම් මත නිදහස්වීමක් ලබාගැනීම මඟින් සම්පූර්ණ කළ හැකිය. (උදා: අ.පො.ස. උ.පෙළ, විශ්ව විද්‍යාල උපාධි ආදිය)
නිදහස්වීම යනු ඒ.ඒ.ටී. විභාගයේ දී අදාළ විෂයන්වල විභාගයට පෙනී නොසිට එම විෂයන්ට, ඊට පෙර සමත් වූ වෙනත් අනුමත විභාග ප්‍රථිඵල මත සාමාර්ථ ලබා ගැනීමේ ක්‍රියාවලියයි.
අදාළ සුදුසුකම් මත ඒ.ඒ.ටී. විභාගවල විෂයන්ගෙන් හෝ මට්ටම් වලින් නිදහස්වීම් ලබා ගැනීමට බලාපොරොත්තුවන සිසුන් ශිෂ්‍ය ලියාපදිංචියෙන් පසුව කඩිනමින් අදාළ නිදහස්වීම් ලබා ගැනීමට අයදුම් කළ යුතුය.
කෙසේ වෙතත්, ලියාපදිංචිය සම්පූර්ණ වීමත් සමඟ නිදහස් වීමට අයදුම් කිරීම සඳහා අදාළ සුදුසුකම් සම්පූර්ණ කර නොමැති සිසුන් පහත සඳහන් දිනයන්ට ප්‍රථම එම සුදුසුකම් සපුරාලීමෙන් පසු නිදහස්වීම් සඳහා අයදුම් කළ යුතුය.
නිදහස් වීම් සඳහා අයදුම් කිරීමේ අවසන් දිනයන්
නිදහස්වීම් සඳහා අදාළ අවසන් දිනයන්ට ප්‍රථම අයදුම් කරන විෂය නිදහස් වීම් ඊට අදාළ විභාගයේ ප්‍රථිඵල ලේඛනයට අන්තර්ගත වනු ඇත. ඒ අනුව, ඔබට විභාග සාමාර්ථයන් මෙන්ම නිදහස්වීම් ද අන්තර්ගත වූ, අදියර සම්පූර්ණ විභාග ප්‍රථිඵල ලේඛනයක් ලැබෙනු ඇත.
ඉහත සඳහන් නිදහස්වීමේ අවසාන දිනයන්ට පසුව ලබාගන්නා විෂය නිදහස්වීම්, අදාළ අදියරෙහි විභාග ප්‍රථිඵල ලේඛනයෙහි අන්තර්ගත කොට අදියර සම්පූර්ණ ප්‍රථිඵල ලේඛනයක් නිකුත් නොකෙරෙනු ඇත. විශේෂයෙන්ම ඔබ යම්කිසි ඒ.ඒ.ටී. විභාග විෂයකට / කිහිපයකට මෙම කාලසීමාවේදී අයදුම්කොට ඇත්නම්, ඉහත දිනයන් පසුවී අයදුම් කරන කිසිඳු නිදහස් වීමක් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාවලියකට භාජනය කිරීමට (Processing) හෝ අපගේ පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමට හෝ නොහැකි බව කරුණාවෙන් සලකන්න. එබැවින් ඉහත දැක්වූ අවසන් දිනයන් පිළිබඳව විශේෂයෙන් සැලකිළිමත් වන්න.
අදාළ නිදහස්වීම් ඒ.ඒ.ටී. අවසන් අදියර විභාගයට අයදුම් කිරීමට පෙර ලබාගත යුතුය.
නිදහස්වීම සඳහා අයදුම් කිරීම
නිදහස්වීම ලබා ගැනීම සඳහා අදාළ සුදුසුකම් සපුරන්නේ නම් නිදහස්වීමේ අයදුම්පත්‍රය සම්පූර්ණ කොට නියමිත ගාස්තු ගෙවා අදාළ සුදුසුකම්වල සහතික කළ පිටපත් සමඟ නියම කර ඇති අවසන් දිනයන්ට පෙර ඒ.ඒ.ටී. ආයතනය වෙත ලැබීමට සැලැස්විය යුතුය.
අදාල නිදහස් වීම් ලබා දීමෙන් පසු, නිදහස් වීමේ සහතික පත්‍රයක් ශිෂ්‍යයා වෙත යවනු ලැබේ.
නිදහස් කිරීමේ ගාස්තු ව්‍යුහය
| නිදහස් කිරීමේ ගාස්තු (2025 සැප්තැම්බර් 20 සිට බලපැවැත්වේ) | ||
|---|---|---|
| විභාග අදියර | විස්තරය | ගාස්තුව (රු.) |
| අදියර 1 | එක විෂයයක් | 2,400/= |
| අදියර 11 | එක විෂයයක් | 2,900/= |
| අදියර 111 | එක විෂයයක් | 3,100/= |
| කුසලතා කැප්ස්ටෝනය | එක විෂයයක් | 2,900/= |
ගෙවීම් විකල්ප
ඔබට නිදහස් ගෙවීම් කිරීමට විකල්ප දෙකක් තිබේ.
නිදහස් කිරීම් අයදුම් කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු දෑ,
ඔබගේ නිදහස් කිරීමේ සහතිකය නැතිවුවහොත් හෝ අස්ථානගත වුවහොත්, රු. 100 ක් ගෙවා අනුපිටපතක් ලබාගත හැක. ඒ සඳහා ලිඛිත ඉල්ලීමක් කළ යුතුය.
2026 නව විෂය නිර්දෙශය යටතෙ වන නිදහස්වීම (2026 ජූලි විභාගයේ සිට ක්‍රියාත්මක වේ)
(A) ලියාපදිංචි ශිෂ්‍යයෙකු අ.පො.ස (උ.පෙළ) විභාගයේදී (ශ්‍රී ලංකාවේ හෝ එක්සත් රාජධානියේ) පහත සඳහන් විෂයයන්ගෙන් සමත් වී තිබේනම්, ඊට අනුරූපී I අදියරෙහි පහත සඳහන් පරිදි විෂය නිදහස්වීම් සඳහා සුදුසුකම් ලබයි.
| අ.පො.ස. (උ.පෙළ) විෂය | අදියර I හි නිදහස් විෂය |
|---|---|
| ගිණුම්කරණය | 1901 මූල්‍ය ගිණුම්කරණය (FAC) |
| සංයුක්ත ගණිතය / ශුද්ධ ගණිතය / ව්‍යවහාරික ගණිතය / ව්‍යාපාර සංඛ්‍යානය | 1902 ව්‍යාපාරික ගණිතය හා සංඛ්‍යානය (BMS) |
| ආර්ථික විද්‍යාව | 1603 ආර්ථික විද්‍යාව (ECN) |
| ව්‍යාපාර අධ්‍යයනය / වාණිජ්‍යය සහ මූල්‍යය | 1604 ව්‍යාපාරික පරිසරය(BEN) |
(B) අන්තර්ජාතික පොත් තබන්නන්ගේ සංගමයේ (IAB) අවසන් විභාගය සමත්ව තිබේනම් ඒ.ඒ.ටී. අදියර I හි 101 මූල්‍ය ගිණුම්කරණය (FAC) විෂය සඳහා නිදහස්වීමක් ලබාගත හැකිය.
(C) ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය (IBSL) බැංකු හා මූල්‍ය (CBF/IABF) විභාගයේ සහතික පත්‍ර අදියර නිම වූවන්ට පහත විෂයන් සඳහා නිදහස්වීම ලබාගත හැකිය.
| IBSL විෂය | අදියර 1හි නිදහස් විෂය |
|---|---|
| ව්‍යාපාර ගිණුම්කරණය | 1901 මූල්‍ය ගිණුම්කරණය (FAC) |
| ව්‍යාපාරික ගණිතය හා සංඛ්‍යානය | 1902 ව්‍යාපාරික ගණිතය හා සංඛ්‍යානය (BMS) |
| ආර්ථික විද්‍යා මුලධර්ම | 1603 ආර්ථික විද්‍යාව (ECN) |
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොම්මිසන් සභාව (UGC) විසින් අනුමත කරන ලද විශ්වවිද්‍යාලයක කලමනකරන ක්ෂේස්ත්රයට අදලව ව්‍යාපාර පරිපාලනය පිලිබඳ ශාස්ත්‍රපති (MBA) වැඩසටහන සම්පූර්ණ කර ඇති සිසුන් පහත සදහන් විෂයන්ගෙන් නිදහස් වීමට සුදුසුකම් ලබයි.
I අදියරෙකි නිදහස් වන විෂයයන්
II අදියරෙකි නිදහස් වන විෂය
(A) CA ශ්‍රී ලංකා ආයතනයේ ව්‍යාපාර අදියර (2025-2030) එක් එක් විෂය සාමාර්ථ ලබාගත් සිසුන්ට ලැබෙන නිදහස් වීම්.
| සමත් විෂයයන් (ව්‍යාපාර අදියරය) 2025-2030 | ඒ.ඒ.ටී. විභාගවලදී නිදහස් කරනු ලබන විෂයයන් |
|---|---|
| BL-25-1: Fundamentals of Financial reporting | 1901 මූල්‍ය ගිනුම්කරණය (FAC) 2801 මූල්‍ය සහ පිරිවැය ගිනුම්කරණය (FCA) |
| BL-25-2: Management Accounting | 1902 ව්‍යාපාරික ගණිතය හා සංඛ්‍යානය (BMS 3802 කළමණාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය (MAF) |
| BL-25-3: Process, Audit & Assurance | 3803 අවදානම, පාලනය සහ විගණනය (RCA) |
| BL-25-4: Business fundamentals, Law & Tax | 1603 ආර්ථික විද්‍යාව (ECN) 1604 ව්‍යාපාරික පරිසරය(BEN) 2803 ව්‍යාපාර නීතිය (BLA) |
(B) CA ශ්‍රී ලංකා ආයතනයේ ව්‍යාපාර අදියර I සහ II හි (2020-2025) (Business Level I & II) දැනුම් ආධාරකයෙහි (Knowledge Pillar) එක් එක් විෂය සාමාර්ථ ලබාගත් සිසුන්ට ලැබෙන නිදහස් වීම්.
| සමත් විෂයයන් (ව්‍යාපාර අදියරය) | ඒ.ඒ.ටී. විභාගවලදී නිදහස් කරනු ලබන විෂයයන් |
|---|---|
| අදියර - 1 | |
| මූල්‍ය ගිණුම්කරණය | 1901 මූල්‍ය ගිණුම්කරණය (FAC) 2801 මූල්‍ය සහ පිරිවැය ගිණුම්කරණය (FCA) |
| ව්‍යාපාරික ගණිතය හා සංඛ්‍යානය | 1902 ව්‍යාපාරික ගණිතය හා සංඛ්‍යානය (BMS) |
| ව්‍යාපාර නීතිය | 2803 ව්‍යාපාර නීතිය (BLA) |
| ව්‍යාපාර පරිසරය හා ආර්ථික විද්‍යාව | 1603 ආර්ථික විද්‍යාව (ECN) 1604 ව්‍යාපාරික පරිසරය(BEN) 2803 ව්‍යාපාර නීතිය (BLA) 2804 ව්‍යාපාර කළමනාකරණය (BMA) |
| අදියර - II | |
| විගණනය, ව්‍යාපාර කි‍්‍රයාවලීන් හා ඩිජිටල්කරණය | 3803 අවදානම, පාලනය සහ විගණනය (RCA) |
| කළමණාකරණ ගිණුම්කරණය | 3802 කළමණාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය (MAF) |
| ඩිජිටල් ව්‍යාපාර උපාය | 2802 ඩිජිටල් පරිවර්තනය සහ තොරතුරු පද්ධති (DTI) |
| ව්‍යාපාර සන්නිවේදනය I | 305 ව්‍යාපාරික සන්නිවේදනය (BC) |
(C) CA Sri Lanka ආයතනයේ ව්‍යාපාර අදියර I (Business Level I ) සහ කුසලතා ආධාරක (Skill Piller) විෂය සමත් සිසුන් ඒ.ඒ.ටී. ශ්‍රී ලංකා ආයතනයේ අවසන් අදියර සමත් සිසුවෙකුවීම සඳහා පහත සඳහන් විෂයන් සමත් විය යුතුය.
(D) CA Sri Lanka ආයතනයේ ව්‍යාපාර අදියර I සහ II (Business Level I & II) සහ කුසලතා ආධාරකයකට (Skill Piller) අයත් සියලුම විෂයයන් සමත් සිසුන් ඒ.ඒ.ටී. ශ්‍රී ලංකා ආයතනයේ අවසන් අදියර සමත් සිසුවෙකුවීම සඳහා පහත සඳහන් විෂයයන් සමත් විය යුතුය.
(E) CA Sri Lanka ආයතනය (2015-2020) විධායක අදියර I සහ II (Executive Level I & II) සහ දැනුම ආධාරකයට (Knowledge Pillar) සියලුම විෂයයන් සමත් සිසුන් ඒ.ඒ.ටී. ශ්‍රී ලංකා ආයතනයේ අවසන් අදියර සමත් සිසුවෙකුවීම සඳහා පහත විෂයයන් සමත් විය යුතුය.
| CA Sri Lanka විධායක අදියරෙහි සමත් විෂයයන් | ඒ.ඒ.ටී. විභාගවලදී නිදහස් කරනු ලබන විෂයයන් |
|---|---|
| KE1 මූල්‍ය ගිණුම්කරණ මූලිකාංග සහ වාර්තාකරණය |
1901 මූල්‍ය ගිනුම්කරණය (FAC) 2801 මූල්‍ය සහ පිරිවැය ගිනුම්කරණය (FCA) |
| KE2 කළමණාකරණ ගිණුම්කරණ තොරතුරු |
1902 ව්‍යාපාරික ගණිතය හා සංඛ්‍යානය (BMS) 3802 කළමණාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය (MAF) |
| KE3 නීතියේ මූලිකාංග | 2803 ව්‍යාපාර නීතිය (BLA) |
| KE4 කි‍්‍රයාවලීන්, සහතිකවීම් සහ ආචාරධර්ම | 3803 අවදානම, පාලනය සහ විගණනය (RCA) |
| KE5 කළමණාකරණය සහ වානිජ දර්ශනය | 1603 ආර්ථික විද්‍යාව (ECN) 1604 ව්‍යාපාරික පරිසරය(BEN) 2804 ව්‍යාපාර කළමනාකරණය (BMA) |
(F) CA Sri Lanka ආයතනයේ දැනුම් ආධාරකයට අයත් විධායක අදියර I සහ II (Executive Level I & II) සියලුම විෂයන් සමත් සිසුන් ඒ.ඒ.ටී. ශ්‍රී ලංකා ආයතනයේ අවසන් අදියර සමත් සිසුවෙකුවීම සඳහා පහත විෂයයන් සමත් විය යුතුය.
(G) CA Sri Lanka ආයතනයේ විධායක අදියර I සහ II හි ((Executive Level I & II) දැනුම් සහ කුසලතා ආධාරකයට අයත් සියලුම විෂයයන් සමත් සිසුන් ඒ.ඒ.ටී. ශ්‍රී ලංකා ආයතනයේ අවසන් අදියර සමත් සිසුවෙකුවීම සඳහා පහත විෂයයන් දෙක සමත් විය යුතුය.
ඉහත සඳහන් කළ එක් එක් සවිස්තරාත්මක පැහැදිලි කිරීම්වල සාරාංශය පහත සබැඳිය සහ රූප හරහා සපයා ඇත.
https://www.aatsl.lk/index.php/en/student/student-guideපිටු අංක 10-13 බලන්න.
සටහන - 1
ඒ.ඒ.ටී. ශ්‍රී ලංකා පාලක මණ්ඩලයට පිළිගත හැකි වෙනත් සුදුසුකම් එක් එක් අවස්ථාව අනුව තීරණය වේ.
සටහන - 2
වත්මන් විෂය නිර්දේශය යටතේ නිදහස් කිරීම් ලබා දීම සඳහා මීට පෙර හිමිකම් ලැබූ නිදහස් වීම් සංශෝධනය කර නොමැති නම්, එවකට පැවති නිදහස් කිරීම් නිසි පරිදි ලබා දෙනු ලැබේ.
© AAT Sri Lanka. All rights reserved.
Solution by Affno